සූරියවැව නුවන් ජයසේකර –
තිස්සමහාරාම කිරින්ද අන්දරගස්යාය ප්රදේශයේදී රාත්රි මුර සංචාරයේ නිරත වු පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බළහත්කාරය පෑම හා බිමත්ව රිය පැදවීමේ චෝදනා මත අද (25) අළුයම යාල වනජීවී කාර්යාලයේ සේවය කරන වනජිවි නිළධාරීන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිරින්ද පොලිසිය පවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාල වනජිවි කාර්යාලයට අනුයුක්තව රාජකාරි සිදුකරන නිළධාරීන් 06 දෙනෙකි.
කිරින්ද පොලිසියේ නිළධාරීන් කණ්ඩායමක් අළුයම කිරින්ද අන්දරගස්යාය ප්රදේශයේ රාත්රි මුර සංචාරයේ යෙදී සිටියදි පැමිණි වෑන් රථයක් අළුයම 2.30ට පමණ නවතා පරික්ෂා කර තිබේ. එහිදී එහි රියදුරු ලෙස කටයුතු කර ඇති 38 හැවිරිදි පුද්ගලයා අධික ලෙස බිමත්ව සිටීම හේතුවෙන් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අනාවරණය වි ඇත්තේ වෑන් රථයේ රියදුරු ඇතුළු සියළු දෙනා යාල වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන පිරිස් බවයි. කෙසේ නමුත් පොලිසිය විසින් බිමත්ව රිය පැදවීමේ වරදට කිරින්ද දියවරගම පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි වනජීවී නිළධාරියා අත් අඩංගුවට ගැනිමේදී වෑන් රථයේ සිටි අනෙකුත් වනජීවි නිළධාරින් ඊට දැඩි විරෝධය පළකරමින් පොලිස් නිළධාරීන් හා බහින් බස් වී පොලිස් රාජකාරියට බාධා සිදු කර තිබේ.
ඒ අනුව එහිදි ක්රියාත්මක වු පොලිස් නිළධාරීන් බිමත්ව රිය පැද වු 38 හැවිරිදි හේවගේ අමිල ක්රිෂාන්ත නැමති අය අත්අඩංගුවට ගත් අතර , පොලිස් රාජකාරියට බාධා කරීමේ චෝදනා මත යාල වනජීවි කාර්යාලයේ සේවය කරන වනජීවි නියාමක වරුන් වන තිස්සමහාරාම යෝධකණ්ඩිය පදිංචි 37 හැවිරිදි සුභාෂ් නිශාන්ත,ඌව කුඩාඔය පදිංචි 37 හැවිරිදි කොටුවගේ සදරුවන්,මි රිකැකුල,නාරම්මල පදිංචි 41 හැවිරිදි සම්පත් ශ්රීනාත් ,තිස්සමහාරාම,යෝධකණ්ඩිය පදිංචි ආරච්චිගේ සුභාෂ් සම්පත් හා මහින්දපුර, පන්නෙගමුව පදිංචි 24 හැවිරිදි මුදියන්සේලාගේ ඉසුරු නැමති අය අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධීයට අදාලව අත්අඩංගුවට පත් වනජීවි නිළධාරින්ගෙන් ප්රකාශ සටහන් කර ගැනිම සිදුකර ඇති අතර බීමත්ව රිය පැදවිම හා පොලිස් රාජකාරියට බාධා කිරිම හා සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනා මත සැකකරුවන් තිස්සමහාරාම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.







