ශ්‍රියානි විජේසිංහ –
ග්‍රාම සේවා නිලධාරින්ගේ වැටුප් ගැටලුව සහ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ සතිය තුළදී වහාම විසඳුමක් ලබා දීමට රජය අපොහොසත් වන්නේ නම් දැනට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරිමේ ක්‍රියාමාර්ගය වෙනුවට සියලුම රාජකාරිවලින් මුළුමනින්ම ඉවත්වීම කටයුතු කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පවසා සිටියි.
කැබිනට් අනුමැතිය ලැබී ඇති GN වැටුප් තලයට හා, රාජ්‍ය සේවා කොමිසම අනුමත කරඇති සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරීන් එකඟ නොවන අතර, විරෝධතාවයවන් සහ සංශෝධනයන් 25 දින ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී සාගල රත්නායක මගින් ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතව තිබූ නමුත් එම සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව ජාතික සංවිධායකවරයා සඳහන් කරයි.
මෙය හිතා මතාම ග්‍රාම නිලධාරින්ගේ සේවා ගැටලු වලට විසදුම් ලබා නොදී මගහැරීමක් යැයි පෙන්වා දෙන ඔහු ජාතික හැඳුනුම්පත් එක් දින සේවය සඳහා අයදුම්පත් යොමු කිරීමටත්, උරුමය වැඩ සටහන සඳහා දායකත්වය ලබා දීමටත් ඇතැම් රාජකාරිවලින් ඉවත් වීමටත්, ඇතැම් රාජකාරි සංශෝධනයන් සහිතව පවත්වාගෙන යාමටත් ග්‍රාම නිලධාරින්ගේ වෘත්තීය සමිති සන්ධානය අද (25) වන තෙක් ක්‍රියාත්මක කළ බවද ඔහු පවසා සිටියි.







