කාසියේ වාසිය දිනා පළමු පන්දු රැකීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායමට දරාගත නොහැකි ඉලක්කයක් ලැබී තිබේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 200ක් ලබා ගත යුතුය. ඉන්දියාව ලකුණු 199ක ඉලක්කයක් ලබ දී තිබේ. කඩුලු දෙකක පමණක් දැවී ලකුණු 199 ලබා ගැනීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අනුකම්පා රහිත ඉන්දීය ප්‍රහාරයකට ලක් වූහ.
ඉෂාන් ක්‍රිෂාන් ආරම්භක පිතිකරු සේ ලකුණු 89ක් රැස්කළේය. ඒ පන්දු 56ක දීය. හයේ පහර තුනක් සහ හතරේ පහර දහයක් ඒ ලකුණු 89ට එක් විය. හයේ පහර සහ හතරේ පහර වලින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 58කි. නායක රෝහිත් ෂර්මා පන්දු 32ක දී ලකුණු 44ක් රැස් කළේය. ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 111කි. ශ්‍රෙයාස් ලියර් පන්දු 28ක දී ලකුණු 57ක් රැස් කළේය. හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙක්ක ඊට ඇතුළත් විය.
පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ දසුන් ශානක කඩුල්ල බැගින් බිඳ හෙළූහ. මේ වනවිට ශ්‍රී ලංකා ඉනිම ඇරඹී ඇත. පැතුම් නිශ්හංක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේය. නවක ආරම්භ පිතිකරු කමිල් මිෂාර ලකුණු 13කට දැවී ගොස්ය. ඕවර හතරයි පන්දු දෙකක දී ලකුණු 23ට කඩුලු දෙකකි. චරිත් අසලංක සමග ජනිත් ලියනගේ පිටියේ රැඳී සිටිති.







