බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ජයග්‍රහණයත් සමග ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයෙන් විසිවන ලකුණු!

by editor
ජූනි 24, 2024 - Updated on ජූනි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක ඔස්ට්‍රේලියා – ඉන්දියා තරගය නිමය. ඉන්දියාව ලකුණු 24ක විශිෂ්ඨ ජයක් සහිතවය. ඔස්ට්‍රේලියාවේ  මේ තරග පරාජයත් සමග හෙට පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන බංගලාදේශ තරගයෙන් දිනන කණ්ඩායම මත ඔස්ට්‍රේලියාවේ ඉරණම සහතික වනු ඇත්තේය.  ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කළහොත් අවසන් පුර්ව වටයෙන් ඔස්ට්‍රේලියාව විසිවී යන්නට නියමිතය.

එසේ වුවහොත් එය  ඉතිහාසගතවන විසිවීමක් බව ලියා තැබිය යුතුය. සුපිරි අටදෙනාගේ වටයෙන් ශ්‍රී ලංකාව, පකිස්ථානය මෙන්ම නවසීලන්තයත් විසිවී ගියේය. ඇෆ්ගනිස්ථානය සහ ඇමරිකාවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත්, සුපිරි අටදෙනාට ආවේය.

මේ වනවිට අවසන් පූර් වටයට දෙවැනි ඛාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවත්, එංගලන්තයත් සුදුසුකම් ලබා ඇත. පළමු ඛාණ්ඩයන් ඉන්දියාව සුදුසුකම් ලබා තිබේ. හෙට ඇෆ්ගනිස්ථාන බංගලාදේශ තරගය ඔස්ට්‍රේලියාවේ ඉරණම තින්දු කරන තරගය වී තිබේ.

අද තරගය

අද තරගය පැවතියේ සෙන්ට් ලුසියා හි ඩැරල් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ය. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු රැකීම තේරූහ. එම තේරීම බරපතල ලෙස ප්‍රශ්න කරන ඉන්දීය පිති ප්‍රහාරයක් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් වෙත එල්ල වුනේය.

ඉන්දිය නායක ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා අමතක නොවන පිතිකරණයක නිරත විය. ඔහු පන්දු 42ක දී ලකුණු 92ක් ලබා ගත්තේය. ඊට හයේ පහර 08කි. හතරේ පහර 7කි.  රෝහිත්ට ශතකය අත් හැරුණේය. එහෙත් ඔහු ලෝක වාර්තාවක් පිහිටවූයේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

රෝහිත් ෂර්මා විස්සයි 20 අන්තර්ජාතික තරගවල දී වැඩිම ලකුණු ලබා ගත් ක්‍රිඩකයා බවට පත් වූයේය. මෙපමණකල් එම වාර්තාව තිබුනේ පකිස්ථාන නායක බාබර් අසාම් අතේය. බාබාර් අසාම් විස්සයි 20 අන්තර්ජාතික තරගවලදී ලකුණු 4146ක් රැස් කරගෙන සිටියේය. ඉන්දියාව වෙනුවෙන් මෙතෙක් අන්තර්ජාතික එක් දින තරගවලදී වැඩිම ලකුණු ලාභියා ලෙස වාර්තාගතව සිටියේ විරාට් කෝලිය. කෝලි ලබාගෙන තිබුණෙ 4103කි.

රෝහිත් ෂර්මා මේ විශිෂ්ට වාර්තාවට යන්නේ ඉන්දීය කණ්ඩායම කිසිවෙකුට ලඟා වීමට අපහසු උසකින් ඔසවා තබමිනි. විරාට් කෝලි පන්දු 05ක මුහුණ දී ලකුණු නොලබා දැවී යන විට, රිෂාබ් පාන්ට් ලකුණු 15කට දැවී යනවිට පීඩනයක් නොගෙන අතිශය ප්‍රවේගකාරී පිතිකරණයක නිරතවූ රෝහිත් ෂර්මා අද රූපණය කළේ වෙනම පිතිකරණ පෞරුෂයකි.

සූර්යකුමාර් යාදේව් පන්දු 16ක දී හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින් ලකුණු 31ක් ලැබුවේය. ශිවම් ඩුබේ පන්දු 22ක දී ලකුණු 28කි. ලබා දුන් පහසු උඩපන්දුව අත්හැරිමෙන් ලද ජීවිතයෙන් ප්‍රයෝජන ගත් හර්දික් පාණ්ඩ්‍ය පන්දු 17ක දී ලකුණු 27ක් ලැබුවේය. ඉන්දියානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසන් වනවිට කඩුළු 5කට ලකුණු 205කි.

පන්දු යැවීමේ දි මිෂෙල් ස්ටාර්ක්  ලකුණු 45ට කඩුළු 02ක්, මාර්කස් ස්ටොයිනිස් ලකුණු 56කට කඩුළු 2ක් සහ ජොස් හසල්වුඩ් ලකුණු 14කට කඩුල්ලක් ලැබුවේය. කඩුළු අඩුවෙන් ලැබුවත් පන්දු ඕවර 4 තුළදී ඔහු ඉන්දියානු පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 14ක් පමණි. හසල්වුඩ්ගේ පන්දුකරණ්‍ය ඔස්ට්‍රේලියාවේ හොඳම පන්දු යැවීම බව ලියා තැබිය යුතුය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ විශිෂ්ට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 06කට දැවී ගියේය. එහෙත් ට්‍රවිස් හෙඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බලාපොරොත්තු දැල්වූ අගනා පිතිකරණයක නිරත විය. ඔහු පන්දු 43ක් තුළ ලකුණු 76ක් ලැබුවේය. ඊට හතරේ පහර 09ක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය.

ට්‍රෙවිස් හෙඩ් සහ නායක මිචෙල් මාර්ෂ් ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වන පිතිකරණයක නිරත විය. මාර්ෂ් පන්දු 28ක දී ලකුණු 37ක් ලැබුවේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙපළ ගොඩනැගූ සම්බන්ධතාවය ලකුණු 81කි.

එහෙත් ඉන්දීය පන්දු යවන්නෝ එල්ල කලේ දැවැන්ත පීඩනයකි. අර්ෂ්දීප් සිං, ජස්පිට් බුම්රා, අක්සාර් පටෙල්,  කුල්දීප් යාදේවි සිය වගකීම ක්‍රිකට් වෘත්තිකයන් ලෙස කණ්ඩායමට ලබා දුන්හ. ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 12ක දි ලකුණු 20කට, ටිම් ඩේවිඩ් ලකුණු 15කට දැවී ගියේය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දු ඕවර 20 අවසානයේ දී කඩුළු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 181කි.

අර්ෂදීප් සිං පන්දු ඕවර 4 තුළ දී ලකුණු 37කට කඩුළු 3ක් දවා ගත්තේය. කුල්දීප් යාදේවි ලකුණු 24කට කඩුළු 02කි. ජස්පිට් බුම්රා, ඇක්සාර් පටෙල්, කඩුල්ල බැගින් ලැබූහ. අවසානයේ ඉන්දියාව ලකුණු 24කින් දිනුම්ය.

තරගයේ වීරයා රෝහිත් ෂර්මාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොල්ලන් ගොබ්බයන් වූ රටක කෙල්ලන්ගේ වික්‍රම…. කෙල්ලො විස්සයි 20 මුල් තරගයත් කඩුළු 04කින් දිනුම්…

Next Post

ඇලුමිනියම් හා ප්ලාස්ටීක් නිශ්පාදන කම්හලක ගින්නක්… අලාභය කෝටි 5ක් ඉක්මවයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.