අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානය අපට මතක් කළේ 96 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ අපේ කණ්ඩායමයි… අද අප කාණු පල්ලට වැටුනේ ඇයි?

ඔස්ට්‍රේලියාව විසිවී ඇෆ්ගන් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසුන කතාව....

by editor
ජූනි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අද (25) ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ක්‍රිකට් ලෝකයේ වර්ණවත් වික්‍රමයක් කළේය.

ඉතිහාසයේ පළමු වරට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක ශූරතාවයක අවසන් පූර්ව වටයට තේරුණේය. විස්සයි විස්ස ලෝක කුසලානයේ මුල් වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අවසන් පුර්ව වටයට නොතේරී විසි වී ගියේය. බංගලාදේශ කණ්ඩායම පරදවා ඇෆ්ගනිස්ථානය විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගත්තේය. රශීඩ් ඛාන් ක්‍රීඩකයින්ගේ කර මතින් ක්‍රීඩාගාරයට ආවේය. 

ක්‍රිකට් යනු අත් නොහැර සටන් වැදිය යුතු සාමුහික ක්‍රීඩාවක් බවත්, ආත්මාර්ථකාමී හැපිචෝල් කාර ගොබ්බයන් තනි තනිව කොපමණ දක්ෂතා දැක්වුව ද සාමුහිකයේ බැඳීම නොමැතිව තරගයක් ජයග්‍රහණය කළ නොහැකි බවත් ඔවුහු යළිත් තහවුරු කර අපට කියා දුන්හ. රට වෙනුවෙන් ක්‍රිකට් ගැසූ තරුණයින් පිරිසකගේ හැඟිම පිරි සටන්කාමී මුහුණු දුටුවෙමි. ඒ මුහුණුවල හැඟිම් 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේ අපේ උන්ගේ මුහුණු සිහි කළේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් දැක්කේ අප ආදරය කරන ක්‍රිකට් ය.

මෙන්න ඒ හැඟීම…

අද බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය සමග පැවති තීරණාත්මක තරගයේ දි අවස්ථා තුනක් මතුවුනේය. තරගය ජයග්‍රහණය කර ඇෆ්ගනිස්ථානය අවසන් පූර්ව වටයට යෑමය. තරගය අඩු ලකුණු වේගයකින් බංලාදේශය ජයග්‍රහණය කර ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට යෑමය. වැඩි ලකුණු වේගයකින් ඇෆ්ගනිස්ථාන කණඩායම පරදවා ඇෆ්ගනිස්ථානය සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් දෙකම විසිකර බංගලාදේශය අවසන් පූර්ව වටයට යෑමය.

තරගය පැවැත්වූයේ කිංස්ටවුන් සෙන්ට් වින්සන්ට්හි අර්නොස් වේල් ක්‍රිඩාංගනයේ ය.

කාසියේ වාසිය දිනුවේ ඇෆ්ගනිස්ථානු කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහර දීම තේරූහ. එය ඵලදායී නොවන තින්දුවක් දැයි සිතිනි. බංගලාදේශ පන්දු යවන්නො අතිශය තියුණු පන්දු යැවීමක නිරත වූහ. ලකුණු ලබා දුන්නේම නැත. නිවැරදි තැන පන්දුව පතිත කළහ. එහෙත් කඩුළු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් දැඩි ආයාසකයින් එක් අන්තයක් ආරක්ෂා කරගෙන ක්‍රීඩා කළේය. ඔහු ලකුණු 43ක් ලැබුවේ පන්දු 55ක් වැයකරමිනි. හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් පමණක් ඔහු එල්ල කළේය.
කණ්ඩායමේ දෙවැනි ලකුණු ලාභියා වූයේ රෂීඩ් ඛාන්ය. ඔහු හයේ පහර 3ක් සමග අවසන් මොහොතේ දී ලකුණු 19ක් ලබා ගත්තේය. අස්මතුල්ලා ඕමාර් සායි ලකුණු 18ක් ලබා ගන්නට පන්දු 29ක් වැය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇෆග්න් පිතිකරුවන්ට කඩුළු 5ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115ක් පමණි. බංගලි පන්දු යැවීම සහ රැකීම එතරම් තියුණු විය. ටස්කින් අහමඩ් පන්දු ඕවර 4ට ලබා දුන්නේ ලකුණු 12කි. එක් කඩුල්ලක් ලැබුවේය. මුස්ටෆිසුර් රහ්මාන් ඕවර 4ටම ලකුණු 17කි. එක් කඩුල්ලක් ලැබුවේය. වැඩිම කඩුළු ලාභියා රිෂාඩ් හොසේන්ය. ඔහු පන්දු ඕවර 4ක් යවා ලකුණු 26කට කඩුළු 03කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමට තිබුණේ ලකුණු 116ක සාපේක්ෂ පහසු ඉලක්කයකි. දැවැන්ත පහරවල් අවශ්‍ය නැත. එක් ලකුණක් එක පන්දුවකට සෑහෙන්නේය.

එහෙත් ඇෆ්ගන් පන්දු යවන්නෝ ලකුණු 115ක ඉලක්කය ආරක්ෂා කරගැනීමට වික්‍රමාන්විත ක්‍රීඩාවක නිරත වූහ. පිටියේ උඩපන්දු ගිලිහීම් සිදුවිනි. වළක්වා ගත හැකි හතරේ පහර ගිලිහුනේය. එහෙත් පන්දු යවන්නන්ගේ ඉලක්කය සහ පීඩනය එක මොහොතකට වෙනස් වූයේ නැත. දැඩි විශ්වාසනීය පන්දු කරණයක ඔවුහු නිරත වූහ.

ඒ පන්දු යැවීම හමුවේ බංගලාදේශයේ අංක 2ක පිතිකරු ටන්සින් අහමඩ් ලකුණු නොලබා දැවී ගියේය. නායක නජ්මුල් හොසෙන් සැන්ටො ලකුණු 05කි. එකම පන්දුවකට පමණක් මුහුණ දී අත්දැකීම් සපිරි බංගලි ක්‍රීඩක ෂකිබ් අල් හසන් දැවී ගියේය. සෞම්‍යා සකාර් ලකුණු 10කි. ටොව්හිඩ් හ්‍රිඩෝයි ලකුණු 14කි.

එහෙත් ආරම්භක පිතිකරු ලිටොන් දාස් අනගි ඉනිමක් ක්‍රිඩා කරමින් අර්ධ ශතකයක් සහිතව නොදැවී සටන් වදමින් සිටියේය. ඔහු පන්දු 49ක දී ලකුණු 54ක් ලැබුවේය. හතරේ පහර 05කි. එක් හයේ පහරකි. එහෙත් ඔහුගේ සටන්කාමී ඉනිම සපුරා අපතේ ගියේය.

ඉනිම අතර මැද ඇදහැලුන වර්ෂාව හේතුවෙන් ඩක්වරත් ලුවිස් න්‍යාය අනුව ඉලක්කය ඕවරයකින් සහ එක් ලකුණකින් අඩු විය. පන්දු ඕවර 19ක් තුළ ලකුණු 114ක් ලබාගැනීමේ ඉලක්කය බංගලි පිතිකරුවන්ට ලැබිණි. එහෙත් 18 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී බංගලාදේශ කණ්ඩායම ලකුණු 105කට දැවී ගියේය.

රෂීඩ් ඛාන් ක්‍රිඩකයින්ගේ කර මතින් ක්‍රීඩාගාරයට….

එකිනෙකට නොදෙවැනි පන්දු යැවීමේ වික්‍රමයක් නවීන් උල් හක් සහ රෂිඩ් ඛාන් විසින් ප්‍රකට කළේය. ආරම්භක පන්දු යැවීම කළ නවීන් උල් හක් පළමු ඕවරයේ දැවැන්ත ප්‍රහාරයකට ලක් වූයේය. එහෙත් අවසන් පන්දු ඕවර තුන නවීන් උල් හක් යැවූ ආකාරය අති විශිෂ්ට වූයේය. ඔහු පන්දු ඕවර 3.5 තුළ කඩුළු 4ක් ලබා ගනිමින් බංගලි ඉනිම විනාශ කළේය.

බංගලි ගමන සපුරා වැලැක්වූ මැද ඕවර කීපයේ පන්දු යවන්නා වූයේ අත්දැකිම් සපිරි රෂීඩ් ඛාන් ය. රෂීඩ් පන්දු ඕවර 4 තුළ ලකුණු 23කට කඩුළු 04ක් ලැබුවේය. ෆසාල් හක් ෆාරුකී ලකුණු 15කට කඩුල්ලක්, ගුල්බඩින් නබී පන්දු ඕවර 2ක් යවා ලකුණු 05කට කඩුල්ලක් ලැබුවේය.

බංගලාදේශ කණ්ඩායම ලකුණු 105කට දැවී ගියේය.

පිට්ටනියක්වත් නැති ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලානයක අවසන් පූර්ව වටයේය. අපහසුකම්වලට චෝදනා කරනවා නම් උන්ට ක්‍රිකට් ගහන්නට වෙලාවක් ඉතිරි වන්නේ නැත. අපහසුකම් ගැන කියමින් ඉන්නට වෙන්නේය.

ඔවුන් පෙන්වා දුන්නේ අත්නොහැර සටන් කිරීමේ ආත්ම විශ්වාසය ය. මේ තරගය බැලුවේ නම් රශීඩ් ඛාන්ගේ සටන්කාමී විලාශය ඔබ දකින්නට ඇත. ප්‍රහාරයට ලක් වෙද්දීත් නවීන් උල් හක් ගේ පුදුමාකාර ආත්ම විශ්වාසයක් සහිත ඇස් දෙක සමීප රූපවලට හසුකරගැනීමට කැමරා කරුවෝ සූක්ෂම වී සිටියහ. ඔහු අවසානයේ දී තරගයේ වීරයා විය. ක්‍රීඩාව තුළ ඔවුන් ප්‍රකට කළ විනය සහ ක්‍රියාශීලීත්වය යනුම ක්‍රීඩාව වෙනුවෙන් කැප කිරීමේ ප්‍රමාණය ය.

එක එක ක්‍රීඩකයා ලෝක මට්ටමේ ඉන්නවා වෙන්නට පුලුවන. ලෝකයේ හොඳම නිශ්පාදන සහිත අමතර කොටස් යෙදුවත් ඒ කොටස් එකිනෙකට නොගැලපෙන අක්‍රමවත් ඒවා නම් වාහනයක් දුවන්නේ නැත. මොනතරම් පුද්ගලික හැකියාවන් තිබුණත් විනයක් විශ්වාසයක් සහ සාමුහිකත්වයක් රහිත කණ්ඩායමක් ක්‍රිකට් නොව මොනම කණ්ඩායම් ක්‍රීඩාවක්වත් ජයග්‍රහණය කරන්නේ නැත. ඇෆ්ගනිස්ථානය අපට කීවේ ඒ කතාවය.

එහෙත් ක්‍රීඩකයෙකුට තබා පොඩි එකෙකුටවත් ආදර්ශයක් දිය නොහැකි හැසිරීමක් සහිත, වචනයෙන් හෝ විනයක් සංයමයක් ප්‍රකාශ කරන්නේ නැති, ටීවී කැමරට ඉදිරියට ඇවිදින් රටෙන් ගේම ඉල්ලන, ප්‍රතිපත්තියක් රහිත හැපිචෝල්කාර ගොබ්බ ක්‍රීඩා ඇමතියා අමන කතා කීමට පෙර මුලින්ම තේරුම් ගත යුතුව ඇත්තේ මේ යථාර්ථය ය.

“අපි ඇෆ්ගනිස්ථානයට ගැහුවා…. ජිල් බෝලයක්වත් ගැහුවෙ නැති කී බෝඩ් වීරයිනට වැළලෙන්න දෙයක් නෑ… මැච් තුනක් පැරදුනා. කොල්ලෝ එහෙම තමයි. නවසීලන්තය ක්‍රීඩා ලෝලින් වගේ වගේ හැසිරෙන්න.” හරීන් ප්‍රනාන්දු කියමින් හිඳී.

මිනිස්සුන්ගේ වේදනාව ප්‍රකාශවන ආකාරය තේරුම් ගත නොහැකි මේ මන්දබුද්ධිකකම එන්නේ ජංගියේ චූ කරගන්නා කාලයේ දී මේ රටේ ඡන්ද දායකයන් විසින් තොරා පත්කළ දේශපාලකයෙකුගෙනි. වැරැද්ද අපේය. මේ ප්‍රකාශ වන්නේ කිරෙන් බාල වි ඇති දේශපාලනයේ විකෘතිය කි. නවසීලන්තය මෙන් හැසිරෙන්නට මුන් අපට නවසීලන්තය වැනි රටක් නිර්මාණය කර දී ඇති නිසා පහසුය. මේ කතාවලට උත්තර දෙන්නට ගියොත් කුණුහරපත් මතක් වෙන්නේය.

බංකොලොත් රටේ එකම ප්‍රාර්ථානව වූ ක්‍රිකට් ඇස්පනාපිටම දේශපාලනීකරණය වනවිට, මිතුරු සමාගම්වල බූදල් වනවිට,  බිස්නස් ඩීල් කාරයින්ගේ ව්‍යාපෘති වනවිට මේ රටේ මිනිස්සුන් පිටකරන වේදනාව තේරුම්ගත නොහැකි දේශපාලකයෙක් ක්‍රීඩා ඇමති වී කියන කුපාඩි කතා ඒ ඇමතිටවත් හොඳක් කරන්නේ නැත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හොර දැව ප්‍රවාහනය කළ ලොරියකට පොලිසිය වෙඩි තබයි!

Next Post

ඉන්දීය මැර ධීවර කොල්ලකරුවන් විසින් අනතුරට ලක් කිරීමෙන් නාවික හමුදා විශේෂ බලගණයේ සෙබලෙක් මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.