චීනය විසින් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට මේවන තෙක් ගතවූ කාලය තුල ටිබටයේ පිහිටි බුද්ධ ප්රතිමා තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.
ටිබටයේ පිහිටි බෞද්ධ උරුමය විනාශ කිරීමේ අරමුණින් චීනය ගෙන යන වැඩපිළිවෙලේ නවතම පියවරක් ලෙස මෙම ප්රතිමා විනාශ කර ඇත.
චීනය විසින් ටිබෙට් හී පවතින සංස්කෘතික ලක්ෂණ සම්පූර්ණයෙන්ම අතුගා දැමීමේ අරමුණින් කටයුතු කරන බවද සමාජ ක්රියාකාරීන් පෙන්වා දෙයි.
පසුගිය කාලයේදී ටිබටයේ වෙසෙන සංඝයා වහන්සේලාට චීන හමුදා විසින් ඉතා අමානුෂික ලෙස සැලකීමත් දරුණු ලෙස පහරදීම් පිළිබඳවත් වාර්තා විය.
මෙහිදී ඇතැම් සංඝයා වහන්සේ සිරගත කිරීම්ද වාර්තා විය.