අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඉවත් වන ලෙසට බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණකරුවන් රැඳී සිටින ස්ථානයේ රටේ නීති තුනක් බිඳ දමා ඇති වවට නීතීඥ සුනිල් වටගල චෝදනා කරයි.
ඒ අනුව අරලිගගහ මනදිරය ඉදිරිපිට පදික වේදිකාවේ මගීන්ට ගමන් කළ නොහැකි පරිද්දෙන් බස්රථ පොලිස් ට්‍රක් රථ නැවතීම, පැය විසි හතර මුළුල්ලේ ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිත කරමින් අධික ලෙස ශබ්ද කිරීම සහ මෙම ස්ථානයේ උපවාස කරමින් සිටි පුද්ගලයන්ට සාදා තිබූ ආවරණ බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීම එම නීති විරෝධි ක්‍රියා බව ඔහු චෝදනා කරයි.
![](http://lankasara.com/wp-content/uploads/2022/04/sunil-watagala.jpg)
පදික වේදිකාවේ මේ අයුරින් වාහන නවතා එය අවහිර කිරීම එය මෝටර් රථ ආඥා පනත යටතේ වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් බව සඳහන් කරන නීතීඥ සුනිල් වටගල විසිහතර පැය මුළුල්ලේ අධික ශබ්දයෙන් ශබ්ද වාහිනි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් කඩ කිරීමක් බව සඳහන් කරයි.
ශ්‍රේෂඨාධිකරණ නියෝගයකට අනුව රාත්‍රි 10න් පසුව ශබ්ද විකාශ යන්ත්‍ර භාවිත කිරීම කළ නොහැකි වන අතර මෙම ශබ්ද වාහිනි යන්ත්‍ර සඳහා අරලිය ගහ මන්දිරය බලපත්‍ර ලබාගෙන තිබේද යන්න විමසූ විට ඔවුන්ට එය ඉදිරිපත් කිරීමට නොහැකි වූ බවද නීතිඥවරයා සඳහන් කළේය.
මෙම ස්ථානයේ උපවාසයක යෙදී සිටින පුද්ගලයන්ට සෙවණ පිණිස ඇටවූ ආවරණය ඉවත් කිරිමට කටයුතු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විසින් බව වාර්තා වේ.
එමේ නිති විරෝධී ක්‍රියා පිළිබඳව පොලිසිය කිහිප වරක් දැනුවත් කළද උසාවියට කරනු වාර්තා කරන බව කියමින් කල් මරණ තත්ත්වයක් දැනට පවතින බවත් මීට අදාළ නිසි පියවර නොගතහොත් කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීමට සිදුවන බවත් නීතිඥ වටගල ප්‍රකාශ කළේය
උද්ඝෝෂකයන් එම ගැන විමසූ විට බස් රථ කාගේද කියා අමුතුවෙන් කියන්නට දෙයක් නැති බවත්, උද්ඝෝණය අකුළාගෙන ගියහොත් බස් රථ ඉවතට ගන්නා බවත් පොලිසිය උද්ඝෝෂකයින්ට පවසන ආකාරයත්, නිල ඇඳුමින් කඩා වැදී ආවරණ කඩා බිඳ දමින් කරන අනීතික හැසිරීමත්, වාහන නීති විරෝධී ලෙස ගාල් කර ඇති ආකාරයත්, අධික ශබ්දයකින් යුතුව පිරිත් ප්‍රචාරය වීමත් මේ වනවිට ජාත්‍යාන්තර මාධ්‍යවල අවධානයට යොමු වී ඇත.
බීබීසි ලෝක සේවය මේ තතත්වය ලෝකයට වාර්තා කළේය.