අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික මාරුව අවහිරවන ලෙස නවතා ඇති පොලිස් බස් රථවල ප්‍රදර්ශනය කර තිබූ විරෝධතා පුවරු සහ උපවාසකරුවන්ගේ ආවරණයක් ඉවත් කිරීමට පොලීසිය අද පෙරවරුවේ ක්‍රියා කිරීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වය බීබීසිය විසින් වාර්තා කර තිබිණි.
මහා හඬින් දෙදරණ පිරිත් හඩ මැද්දේ පොලිසිය උද්ඝෝෂකයන්ගේ ආවරණ සහ බැනර් ගලවා දමන ආයුරුත්, උද්ඝෝෂකයන්ගේ ප්‍රකාශත් සහිත වීඩියෝවක් බීබීසිය පල කර තිබුණේය.
“ උද්ඝෝෂණය කරන උපවාස කරන ළමයි ටිකක් ඉන්නේ. කොල්ලො ටිකක්. අවුවට ගහලා තියන එක තමයි මේ ගලවන්නේ…“ තරුණයෙන් වාර්තා කරුවන්ට කීවේය. නීති විරෝධී ලෙස පදිකවේදිකා හරස් කර නැවැත්වූ පොලිස් බස් රථ පෙළත් ඒ වීඩියෝවේ විය.
ආවරණ ගලවා දැමූ පොලිසියේ උසස් නිලධාරියෙකුට උද්ඝෝෂක තරුණයෙක් මෙසේ කීවේය.
“අපි මෙතෙනට ආවෙ කටත් බයට නෙමෙයි. ආවේ මේ රජය නැති කරන්න. මහත්තයො. මෙහෙ එන්න පොලිස් මහත්තයො. ඕගොල්ලන්ට මෙතන නීති විරෝධි වැඩ කරන්න පුලුවන් නම් ඇයි අපට බැරි….“
බීබීසිය පල කළ වීඩියෝව පහත දැක්වේ.
.







