දිනසේන රතුගමගේ –
ජූලි හතර වෙනිදා ආරම්භ වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් හය දෙනෙකු තරග කරණ අතර ඉන් කාන්තාවන් දෙදෙනා අනෙක් හතර දෙනාට වඩා ඉදිරියෙන් සිටින බව බ්‍රිතාන්‍ය පුවත් වාර්තා කොට තිබුණි.
එම කාන්තාවන් දෙදෙනාම යාපනයේ ඉපිද පසුව විවිධ හේතූන් මත බ්‍රිතාන්‍යයට ගොස් එහි අධ්‍යාපනය ලබා මේ වන විට බ්‍රිතාන්‍යයේ නීතිඥවරින් බවට පත්ව සිටින දෙදෙනෙකි.
එම කාන්තාවන් දෙදෙනාම නීතිඥයින් වශයෙන් සේවය කරණු ලබන්නේ මහජන සුබ සිද්ධිය උදෙසා වූ අයතන දෙකකය.
කම්කරු පක්‍ෂයට තරග වදින ක්‍රිෂ්ණා රිෂිකරන් ශ්‍රී ලංකාවේ ඉපිද දෙමව්පියන් අහිමි වීමෙන් පසුව ඥාතියෙකු සමග බ්‍රිතාන්‍යට ගොස් එහි ළමා නිවාසයක ජීවත් වී අධ්‍යාපනය ලැබූ කාන්තාවකි.
උමා කුමාරන් ද තවත් දේශපාලන පක්ෂයකින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට තරග වදියි.
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉතිරි හතර දෙනා පිරිමි අපේක්ෂකයින් වන අතර බ්‍රිතාන්‍යයේ දේශපාලන වාර්තා වලට අනුව පිරිමින් හතර දෙනා අභිබවා කාන්තාවන් දෙදෙනා මැතිවරණයේ ඉදිරියෙන්ම සිටියි.







