කීර්ති ප්‍රනාන්දු –
සොරුන් විසින් දිගින් දිගටම සිදු කරන දුරකථන රැහැන් කපා සොරා ගැනීම හේතුවෙන් විශාල දුරකථන පාරිභෝගික ජනතාවක් පීඩාවට පත් වී ඇතැයි මිනුවන්ගොඩ ටෙලිකොම් ආයතනයේ සහකාර ඉංජිනේරු රෝහිනී සේනානායක පවසයි .
මෙහි ආසන්නම සිදුවීම ඊයේ (4) රාත්‍රියේ කමරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන අතර එම ප්‍රදේශයේදී විශාල ප්‍රමාණයේ ප්‍රධාන දුරකතන රැහැන් තුනක් සොරුන් විසින් කපාගෙන යාම හේතුවෙන දුරකථන 200 කට අධික ප්‍රමාණයක් විසන්ධි ඇතැයි ඇය කියා සිටියි .
ඊයේ(4) දිනයේදී පමණක් සොරුන් විසින් කපාගෙන ගොස් ඇති ප්‍රධාන දුරකථන රැහැන් වල වටිනාකම රුපියල් ලක්ෂ හතකට අධික බවද රෝහිනී සේනානායක පෙන්වා දෙයි .
මීට පෙර ගල්කන්ද ප්‍රදේශයේදී අවස්ථා දෙකකදී සහ මාබොදල ප්‍රදේශයේදී අවස්ථා තුනකදී සොරුන් විශාල ප්‍රමාණයේ ප්‍රධාන දුරකථන රැහැන් කපා සොරාගෙන යෑම සිදුකළ බව පවසන ඇය මෙය ඉතා සංවිධානාත්මක සොරුන් කණ්ඩායමක් විසින් සිදු කරගෙන යන බවට සැක කරන බවද පැවසීය .
මෙම සෑම සොරකමක් සිදූ වු අවස්ථාවකදීම මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇතත් එම සොරකම් පිළිබඳව පොලිසිය මගින් සිදුකරන විමර්ශන පිළිබඳව කිසිදු අයුරින් සෑහීමකට පත්විය නොහැකි බවත් දුරකථන රැහැන් කපා සොරාගෙන යාම දිනෙන් දින වැඩි වෙමින් පවතින බවද සහකාර ඉංජිනේරු රෝහිනී සේනානායක කීය .
මේ තත්ත්වය තුළ ටෙලිකොම් ආයතනයද දැඩි අපහසුතාවයකට පත් වී ඇතැයි පෙන්වා දෙන ඇය කමරාගොඩ ප්‍රදේශයේදී ඊයේ( 4) රාත්‍රියේ සිදුකර ඇති ප්‍රධාන දුරකථන රැහැන් කපා සොරා ගැනීමේ සිද්ධිය පිළිබඳව ද මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි කර ඇතැයි වැඩිදුරටත් පැවසීය .
.







