ගාලුමුවදොර පැවැත්වෙන අරගලයට පොලිස් නිල ඇඳුමින් ඊයේ එක්වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවාගෙන සිටි පොලිස් සැරයන්වරයා උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (15) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් රුපියල් ලක්ෂ තුන බැලින් ශරීර ඇප තුනක් මත නිදහස් කොට තිබේ.
ඔහු පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමෙන් පසුව අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එහිදී ඔහුගේ සහයට නීතීඥවරුන් රැසක් ඉදිරිපත්ව ඇත. ඇප මත නිදහස් කෙරුණු ඔහු පිළිබඳ නඩු විභාගය ලබන අප්‍රේල් මස 29 වැනි දා ට කල් දැමිණි.
මෙම පොලිස් නිලධාරියා සිරිපාගම පොලිසියේ විශේෂ රාජකාරියක යොදවා ඇති අතර බලධාරීන්ට නොදන්වා රාජකාරී නිල ඇඳුමින් මෙම ස්ථානයට පැමිණ ඇති බවත් ඔහු සම්බන්දයෙන් තවත් චෝදනා පවතන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ ප්‍රකාශ කළේය.







