ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති පුද්ගලයින්ට සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව හිමි වන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
එලෙස අවස්ථාව අහිමිවන්නේ මේ වන විට ලංකාපුර ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති පවුල් 200 කට ආසන්න පිරිසකට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තහවුරු කර සිටියේය.
සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා දින 14ක නිවෙස් නිරෝධායනයට යොමු කොට සිටින පුද්ගලයින්ට තමන්ගේම වාහනයකින් සවස 4-5 අතර කාලයේදී ජන්ද පොළට පැමිණ ජන්දය ප්‍රකාශ කිරිමට අවස්ථාව තිබේ.
එවැනි පුද්ගලයින්ට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ජන්ද මධ්‍යස්ථානයේ විශේෂ කුටියක් සකස් කොට ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරියෙකු එම අවස්ථාව සඳහා පමණක් සහකාර මැතිවරණ නිලධාරියෙකු ලෙස එහි සේවයේ යෙදවීමට කටයුතු කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
.