දංකොටුව නගරයට ආසන්න භූමියක සඟවා තිබියදී පොලිස් භාරයට ගත් විස තෙල් බවුසර් දෙක අද (31) දැඩි පොලිස් රැකවල් මැද වැඩිදුර විමර්ශනය සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත රැගෙන ගිය බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
ඉන්දුනීසියාවෙන් ආනයනය කර තිබූ විෂ තෙල් සහිත මේ බවුසර දෙක සැක පිට පොලිස් භාරයට ගෙන තිබිණි.
වත්තල එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට මේ බවුසර දෙක අයත්ව තිබී ඇත.
– ලංකාදීප –