තුර්කියේ ඇති වූ භූකම්පනයෙන් විපතට පත් ජනතාව මෙහෙයුම වල නිරතව සිටි සුනඛයෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත් සුනඛයා මෙක්සිකෝ මුදාගැනීමේ කණඩායමේ සාමාජිකයෙකු කටයුතු කෙරිණි. මුදාගැනීමේ මෙහෙයුම් සඳහා විශේෂ පුහුණුවද මෙම සුනඛයා ලබා තිබීමද විශේෂත්වයකි.
මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය විසින්ද අදාල සුනඛයා තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කරමින් සිටියදී සිය ජීවිතය අහිමි වූ බව සනාථ කර තිබේ.

ප්‍රෝටියෝ ලෙස නම් කර තිබූ මෙම සුනඛයා මෙක්සිකානු සෙවීම් සහ ගලවා ගැනීමේ සුනඛයන් 16 දෙනාගෙන් එක් අයකුවූ අතර නටබුන් අතර මුදාගැනීමේ කටයුත කරමින් ප්රෝටියෝට ඔහුගේ මරණයට පෙර දිවි ගලවා ගත් දෙදෙනෙකු සොයා ගැනීමට හැකි විය.
මෙක්සිකෝවේ ජාතික ආරක්ෂක ලේකම් කාර්යාලය නිකුත් කරන ලද ප්‍රකාශයක, සඳහන් වුයේ, “මෙක්සිකානු හමුදාවේ සහ ගුවන් හමුදාවේ සාමාජිකයින් අපගේ ශ්‍රේෂ්ඨ සහකාරිය වන ප්රෝටියෝගේ වියෝව ගැන දැඩි ලෙස කනගාටු වෙති. තුර්කියේ සිටින අපගේ සහෝදරයන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙක්සිකානු නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ඔබ ඔබේ මෙහෙවර ඉටු කළා. ඔබගේ වීර ක්‍රියාවට ස්තූතියි! ” යනුවෙනි.
අනෙක් මෙක්සිකානු මුදාගැනීමේ සුනඛයින් විසින් සිය සඟයාට විශේෂ ගෞවරයක් දක්වා ඇති අතර එහිදී බොහෝදෙන්කු ඉතා සංවේදී වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ කතාවත් කියවන්න…
තුර්කි මානුෂීය මෙහෙයුමට එකතු වුන මෙක්සිකෝවේ ලෝ ප්‍රකට සුනඛ බලඇණිය…







