ලිට්රෝ සමාගම විසින් ශ්‍රි ලංකාවට ආනයනය කළ නවතම ගෑස් තොගයද ගැටලු සහගත බව මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.
ඊයේ (16) රාත්‍රි හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වු බලය වැඩසටහනට එක්වෙමින් ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. මුහුදේ දී ලබා ගත් ගෑස් සාම්පල වාර්තා මත එහි ගටලු පවතින බව අනාවරණය කර ගත් අතර ඒ පිළිබඳව අදාල නිර්දේශ සඳහා මේ වනවිට එම වාර්තා ප්‍රමිති කාර්යංශය වෙත යොමු කරන ලද බවද ඔහු එහිදී පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාක්‍යවරා පැවසූයේ අද දිනය තුළ ප්‍රමිති කාර්යාංශය මෙම ගෑස් තොගය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව නිර්දේශ කරනු ඇති බවය. පසුගිය සතියේද බියුටේන් ප්‍රොපේන් සංයුතිය පැරණි ආකාරයටම වෙනස් කරන ලද ගෑස් තොගයක් මෙරටට ගෙන්වූවද මෙම ගෑස් කාන්දු හඳුනා ගැනීමේ මර්කැප්ටන් නැමති රසායන ද්‍රව්‍ය නියමිත ප්‍රමිතියට යොදා නැති බව සඳහන් නරමින් එම ගෑස් ගොඩබෑම ප්‍රතික්ෂේප කර ඇති අතර මෙම නැවද තවමත් ශ්‍රි ලංකාවේ පවතිද්දී තවත් ගෑස් තොගයක් සහිත නෞකාවක් කොළඹට පැමිණ ඇත.
මේ වනවිට මෙම නැව් දෙකම කොළඹ ආසන්නයේ පවතින බව එම වැඩසටහනේදී අනාවරණය විය.
මේ වනවිට ලිට්රෝ ගෑස් ගබඩාවල වෙනස් කළ සංයුතිය සහිත එනම් බියුටේන් සහ ප්‍රොපේන් සියයට 50 බැගින් වන අවදානම් සහගත ගෑස් මෙට්‍රික් ටොන් 2000ක පමණ තොගයක් පවතින බවත් ඒවා ඉදිරියේදී කර්මාන්ත කටයුතු සඳහා මුදා හැරීමට කටයුතු යොදනු ඇති බවත් අලගියවන්න අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී තවදුරටත් සඳහන් කළේය.







