තවත් 19 හැවිරිදි තරුණියක් තරුණයෙක් සමග මහියංගනය පාලම මතින් මහවැලි ගඟට පැන ඇතැයි වාර්තා වේ.
සිද්ධිය ඇසින් දුටු අය පවසා තිබුනේ තරුණිය ගඟට පැනිනවාත් සමගම එම තරුණයාත් ගඟට පැන්න බවය. තරුණිය දියේ ගිලී නොපෙනී ගිය අතර තරුණයා දෑත් ඔසවමින් පහළට ගසාගෙන ගිය බවය.
අතුරුදහන් වූ තරුණිය රිදී මාලියද්ද ප්රදේශයේ අයෙකි. ඇය අද උදේ නිවසින් පැමිණ ඇත්තේ උපකාරක පන්තිවලට සහභාගී වීමට බව පවසමිනි.
පොලිසිය පවසන්නේ ගඟට පැන්න තරුණයා පිහිනා ගොඩට පැමිණි බවත් ඔහු රෝහල්ගත කර ඇති බවත්ය.
මේ වනවිට මහියංගන පොලිසියේ නිලධාරීන් පැමිණ අතුරුදහන් වූ තරුණිය සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දෙරණ පුවත් සේවය සිද්ධිය වාර්තා කර තිබූ අයුරු…







