දිනසේන රතුගමගේ
දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් සියලුම දෙනා දෙමළ ජාතිකයින්ට වින කටින ද්‍රෝහීන් බව කියමින් වව්නියාවේ සංවිධාන කිහිපයක පිරිස් දෙමළ දේශපාලනඥයින්ගේ ඡායාරූප පෙළකට 10 දා වවුනියාව නගරයේදී කුණු තක්කාලි වලින් ප්‍රහාර එල්ල කළහ.
දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත් වූ ඔවුන්ට අවශ්‍ය වරප්‍රසාද ලබා ගැනීම සදහා විවිධ රජයන්ට උදව් උපකාර කොට දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු මෙකී දේශපාලනඥයින් විසින් යටපත් කරණ බවද කුණු තක්කාලි ප්‍රහාරය එල්ල කළ මහජන සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.
යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් වෙණුවෙන් පෙනී සිටින සංවිධාන දෙකක් මේ සදහා මූලිකත්වය ගෙන කටයුතු කළ අතර තවත් සංවිධාන කීපයක්ද ඔවුන්ට සහය ලබා දී තිබුණි.
මේ පිරිස් කියා සිටියේ මැතිවරණයක් පිළිබදව කතා බහක් ආරම්භ වූවාත් සමගම දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් ගම් වලට පැමිණීමට පටන් ගෙන ඇති බවයි.
මෙතෙක් කාලයක් අහිංසක දෙමළ ජනතාව ගැන සොයා නොබලා යළිත් ඡන්දය ලබා ගැනීමට පැමිණෙන මෙම කපටි දේශපාලනඥයින්ට සැලකිය යුත්තේ මීටත් වඩා පහත් ආකාරයට බවද ඔවුන් කෑකෝ ගසමින් කියා සිටියහ.