ශ්‍රියානි විජේසිංහ –
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇත.
මෙම පත්වීම් අද (31) සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ විසින් සිදුකර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලය සමග අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ඇමතිවරයා විසින් මෙම පත්වීම ලබා දී ඇත.
විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම 1992දී රාජ්‍ය සේවයට එක් වූ අතර වර්ෂ 2000දි විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්විය.
මේ වන විට බෝවන රෝග විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥවරයා ලෙස කටයුතු කරමින් සිටින ලංකාවේ විශිෂ්ඨම විද්වතෙකි.