වතුර ටැංකියට වැටී කුණු වූ සර්පයෙක්ගේ අපද්‍රව්‍ය සහිත ජලය පානය කිරීම නිසා මහනුවර ප්‍රධාන පෙළේ තරු හෝටලයක මංගල උත්සව තුනක් සඳහා සහභාගී වූ 630ක පිරිසක් රෝහල්ගත වී ඇතැයි වාර්තා වේ.
රෝහල්ගත පිරිස අතර මංගල උත්සවයෙන් පසු මධු සමය ගතකිරීම සඳහා මැලේසියාවට ගිය නව යුවල සහ කණ්ඩායමත් සිටින බව වාර්තා වේ.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය.
මහනුවර ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිය විවාහ උත්සවය පවත්වා මධුසමය සඳහා මැලේසියාව බලා ගිය යුවලක් මැලේසියාවේ දි රෝගාතුර වී රෝහල් ගත කර තිබේ.
මේ සම්බන්ධව සැලකිිලමත් වීමේ දී පෙනී ගොස් ඇත්තේ එම මංගල උත්සවයට සහභාගී වූ සෙසු බොහෝ පිරිස් ද රෝගී වී රෝහල්ගතව ප්‍රතිකාරගනිමින් සිටින බවය.
මෙම මංගල උත්සවය පැවති තරු හෝටලයේ තවත් මංගල උත්සව දෙකක් එදින තිබී ඇත. සොයගෙන යනවිට සෞඛ්‍ය අංශවලට පෙනී ගොස් ඇත්තේ එම උත්සව වලට සහභාගි වූ පිරිස් ද මෙලෙස අසනීප වී රෝහල් ගත කර තිබුන බවය.
අවසානයේ දී මේ පිළිබඳ විමර්ශනය කළ සෞඛ්‍ය අංශ වලට පෙනී ගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ගත් පිරිස 630ක් පමණ බවය. මෙය ජලය සම්බන්ධව ප්‍රශ්නයක් වන්නට ඇතැයි සැක කර සෞඛ්‍ය නිලධාරීන් හෝටලයේ ප්‍රධාන ජල ටැංකිය පරීක්ෂා කරන විට එහි කුණු වී ගිය දැවැන්ත සර්පයෙක් වැටී සිට හමු වී ඇත.
මෙම පිරිස මෙසේ රෝගී වී ඇත්තේ කුණු වී ගිය සර්පයා නිසා විය හැකි යැයි දැන් සෞඛ්‍ය අංශ සැක පහළ කරයි.
අදාළ වතුර ටැංකියේ ජල සාම්පල පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජල සාම්පල පරීක්ෂා කිරීමේ රසායනාගාරයට ලබාදී ඇති බව ගඟවටකෝරලේ ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







