කීර්ති ප්‍රනාන්දු –
බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනය සිදු කරන ත්‍රීරෝද රථ ලබන සැප්තැම්බර් මාසයේ සිට නියාමනය කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ .
පළාතේ ත්‍රීරෝද රථ හිමියන්ගේ ඉල්ලීම සහ එකඟතාවය මත මෙම නියාමනය සිදු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා පැවසීය .
2002 අංක 02 දරන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ ප්‍රඥප්තිය යටතේ මෙම නියාමනය සිදු කෙරෙන බව ද ඔහු කීය .
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීවගේ උපදෙස් පරිදි සිදු කෙරෙන මෙම බස්නාහිර පළාත් ත්‍රී රෝද රථ නියාමනය වැඩපිළිවෙළට අනුව ත්‍රිරෝද රථ හිමියන් සහ එහි ගමන් කරන මගින් ආරක්ෂා කිරීමේ පූර්ණ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කෙරේ .
විශේෂයෙන් දැනට පවතින ඉන්ධන ගැටලුවට ත්‍රීරෝද රථ වලට විසඳුමක් ලබාදීම ද මෙමගින් සිදු කරන බව අධිකාරිය පවසයි .
සභාපති ප්‍රසන්න සංජීව ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ත්‍රී රෝද රථ හිමියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අධිකාරියේ ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති අතර එම අවස්ථාවට පළාතේ ත්‍රිරෝද රථ හිමියන් විශාල පිරිසක් සහභාගී වූ බවද අධිකාරිය පවසයි .
දැනට දකුණු පළාතේ සහ උතුරු මැද පළාතේ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ නියාමනය සාර්ථකව සිදු කෙරෙන බව ද පැවසේ.
දැනට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ තුන් ලක්ෂ පනස් දහසක් පමණ තිබෙන අතර එයින් වැඩි ප්‍රමාණයක් මගී ප්‍රවාහන කටයුතු සිදු කරන ත්‍රීරෝද රථ බවද අධිකාරිය පවසයි .







