දිනසේන රතුගමගේ:
යාපනයේ නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය වෙනුවෙන් පැවැත්වෙන දෛනික පූජාවන් සදහා දිනකට සහභාගී විය හැකි බැතිමතුන්ගේ සංඛ්‍යාව තුන්සීයකට සීමා කොට තිබියදී 3 දා පැවති පූජාව සදහා බැතිමතුන් දෙදහසකට වඩා වැඩි පිරිසක් සහභාගී වූහ.
නලූර් කෝවිලේ වාර්ෂික පූජාවන් අතර ස්වර්ණ පූජාව පැවැත්වෙන්නේ පුන් පොහෝ දිනයක බැවින් 3 දා පැවති එම පූජාව සදහා මෙතරම් විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වී සිටියහ.
සෞඛ්‍ය නිර්දේශ වලට වඩා අට ගුණයකටත් වඩා බැතිමතුන් පිරිසක් නල්ලූර් කෝවිලේ උත්සවයට සහභාගී වී සිටි අතර ඔවුන්ගෙන් විශාල පිරිසක් අවම අවශයෙන් මුඛවාඩමක් හෝ පැළද නොසිටියහ.