මාතර – සම්පත්:
ඌරුබොක්ක පොලිස් බල ප්‍රදේශයේ 33 හැවිරිදි සිව් දරු මවක් දරුවන් හතර හතර දෙනා සහ ස්වාමි පුරුෂයා අතහැර දමා තම සැමියාගේ වෙළෙඳ සැළේ සේවකයකු වන 19 හැවිරිදි තරුණයකු සමඟ පැන යාම සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසියට එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් පැමිණිලි කර තිබේ.
එම පැමිණිල්ලට අනුව ඌරුබොක්ක පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රම මහතා විසින් දරුවන් සිවුදෙනා බිරිඳ නීතියානුකූල නිත්‍යනුකූල ස්වාමි පුරුෂයා සහ එම කාන්තාවගේ 19 පෙම්වතා ඌරුබොක්ක පොලිසියට කැඳවා විමර්ශන කළේය . එහිදී මෙම කාන්තාව පවසා ඇත්තේ 19 හැවිරිදි අලුත් පෙම්වතා සමඟ තමාට යාමට අවශ්‍ය බවත් දරුවන් හතරදෙනා සහ නීතියානුකුල ස්වාමිපුරුෂයා තමාට අවශ්‍ය නොවන බවය.
මෙම දරුවන් හතර හතරදෙනා අතර බාලම දරුවා මේ වන විටත් මවුකිරි බොන අතර එම දරුවාදpරැගෙන යාමට ඇය ප්‍රතික්ෂේප කළාය. මෙම පැමිණිල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක ගීතිකා මහත්මිය ඇතුළු නිලධාරීන් ද සමථයට පත් කිරීමට උත්සාහ කළ ද මෙම කාන්තාව තරයේ ඉල්ලා සිටියේ 19 හැවිරිදි පෙම්වතා සමග යාමට අවශ්‍ය බවයි.
19 හැවිරිදි තරුණයාගේ මවද පොලිසියට කැඳවා ඇති අතර ඇය ද පවසා ඇත්තේ තම පුතා මෙම කාන්තාවට ආදරය කරන බැවින් මව එයට අකමැති නොවන බවයි .පසුව මෙම පවුල් ආරවුල ඌරුබොක්ක පොලිසියට ද විසඳිය නොහැකි වූ බැවින් මෙය මොරටු මහේස්ත්‍රාත් අධිකරණය දක්වා දුර ගිය ද එහි දී ද මෙම කාන්තාව 19 තරුණයා සමග යාමට අවශ්‍ය බව පවසා තිබේ.
ඒ අනුව දරුවන් සිව් දෙනාගේ භාරකාරීත්වය පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නීතියානුකූල ස්වාමිපුරුෂයාට භාර දී තිබේ.
මව්ද කිරි බොන දරුවාට නෙතේරුනද අනෙක් දරුවන් තිදෙනා අම්මේ අපි දාල යන්න එපා කියා හඩද්දී දරුවන්ගේ මව තරුණයා සමඟ දීග ගොස් තිබේ..
මෙම 19 තරුණයා මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ ව්‍යාපාරයේ සුළු සේවකයෙකු ලෙස පැමිණ ඇත්තේ මීට මාසකයකට පමණ පෙරය. ඔහු පිළිබඳ ඇති වූ විශ්වාසය මත ආහාරඉ රැගෙන ඒම වැනි කටයුතු සඳහා මෙම වෙළෙඳසැල් හිමියා ඔහු තම නිවස වෙත ද වරින් වර යවන්නට කටයුතු කර ඇති අතර තරුණයා මෙම හාම්පුතාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට එයින් අවස්ථාවක් සැලසී ඇත.
මෙම අවස්ථාවට පැමිණි ඥාති පාර්ශව කියා සිටියේ ඕනවාට වඩා කෙනෙකු විශ්වාස කිරීමෙන් මෙම පවුල විනාශ වී දරුපැටව් අසරණ වූ බවය.