එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටුවේ සාමාජිකත්වය රැගෙන පැමිණියහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දීම සලකා බැලිය හැකි බව පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.
පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්නේ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් බවය.
“ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළේ නෑ. ඕන අවස්ථාවේ දී නිසි පුද්ගලයා ඉදිරිපත් කරනවා. අපේ පක්ෂයෙන් පොහොට්ටුව ලකුණ යටතේ, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා.”
ප්රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු අපේක්ෂකයා වෙන්නේ නැද්ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. එතුමාටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා.”