දිනසේන රතුගමගේ –
යාපනයේ කූරිකඩ්ඩුවාන් ජැටියේ සිට නාගදීපය දක්වා භාණ්ඩ රැගෙන යමින් තිබූ බෝට්ටුවක් හදිසියේම පෙරළී යාමෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් තවත් තුන් දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ (02) සිදුවූ මෙම අනතුරින් භාණ්ඩ පටවා ගෙන ගිය බෝට්ටුව එක්වරම පෙරළී යාමත් සමගම එහි ගමන් ගත් හතර දෙනෙකු මුහුදට වැටී ඇත.
ඉන් තුන් දෙනෙකු පිහිනා ගෙන ගොස් වෙනත් බෝට්ටුවක එල්ලී දිවි ගලවා ගැනීමට සමත් වූවත් එක් අයෙකු මුහුදේ ගිලී අතුරුදහන් වී තිබේ.
පසුව ඔහුගේ මළ සිරුර හමු වී ඇති අතර පරීක්ෂණ කටයුතු සදහා මළ සිරුර පුංගුඩුතිව් රෝහල වෙත බාර දි ඇත.
අධික සුළං සහිත කාලගුණයක් තිබියදී බෝට්ටුවට අධික ලෙස බර පටවා ගෙන ප්‍රවාහනය කිරීම නිසා මෙම අනතුර සිදුවන්ට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ තුන් දෙනාද රෝහල් ගත කොට ඇති අතර ඌර්කාවතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.







