ලන්ඩන් නුවර ඊයේ ඉදිවූ ගෝඨාගම අසල ගෝල්ෆේස් තනි නොකරමු තේමාව යටතේ පැවැත්වෙමින් ඇති උද්ඝෝෂණයට එක් වීමට මේ වනවිට බ්‍රිතාන්‍ය වාසී ශ්‍රී ලාංකිකයන් මෙන්ම යුරෝපයේ සිටින ශ්‍රී ලාංකිකයන් දස දහසකට වැඩි පිරිසක් එක් වී ඇති බව ලන්ඩන් නුවරින් ලැබෙන ආරංචි මාර්ග කියයි.

රට බංකොලෝත කළ ජනාධිපති අගමැති ඇතුළු රාජපක්ෂ පවුලටත් ඔවුන් නියෝජනය කරන සමස්ථ රජයටත් ඉවත්වන ලෙස බලකරමින් ගෝල්ෆේස් මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අරගලය ජාත්‍යාන්තර අවධානයට ලක් කර එය ශක්තිමත් කිරීමේ අභිලාෂයෙන් ඇරඹි මේ උද්ඝෝෂණයට බලාපොරොත්තු නොවුණු ජන සහභාගීත්වයක් ලැබී තිබේ.
මේ තරම් උද්යෝගයක් සහිතව මෑත ඉතිහාසයේ කිසිම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ගේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය නොවනු බව එම ආරංචි මාර්ග සජීවී දර්ශනත් සමග ලංකාසරට තහවුරු කරයි.
මේ වනවිට ලෝකයේම අවධානය ලන්ඩන් නුරව උද්ඝෝෂණයට යොමු කරගැනීමට එම උද්ඝෝෂකයින් සමත් වී ඇත.
ගෝල්ෆේස් අරගලයට ජීවිතය දෙන්න ශ්‍රී ලාංකිකයින් දහස් ගණක් ලන්ඩන් නුවර ගෝඨාගෝගම ට







