අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතුයි… මෛත්‍රී මැයි රැළියේ  දී කියයි!

by editor
මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න-

ඉක්මන් මැතිවරණයකට ගොස් ආණ්ඩු වෙනසක් කරගත යුතු බව හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පොළොන්නරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයිදින රැළියට සහභාගි  වෙමින් සඳහන් කළේය.

මෙම මැයි දින සැමරුම් උළෙල පොළොන්නරු දිස්ත්‍රික් ගොවි ජනතාව විසින් සංවිධානය කර තිබිණි.     පොලොන්නරුව   නගර සභා ඉදිරි පිටින් ආරම්භ වු මැයි දින රැළිය පොළොන්නරුව රෝහල දක්වා ගමන් කළ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ද  එක්ව සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

රට මුහුණ දීලා තිබෙන ප්‍රශ්නයකදී  ප්‍රධාන වශයෙන්ම අපට තිබෙන්නේ ජනතාවගේ පැත්ත ගැනීමයි. ජනතාවගේ පැත්ත ගන්න තමයි අද මමත් පාරට බැස්සේ. ජනතාව දහසකුත් ප්‍රශ්න මැද පීඩා විඳිද්දී අපිට පුළුවන් කමක් නෑ ගෙදරට වෙලා ඉන්න.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පහුගිය සතියේ අපි 41 දෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන හොඳ නැති නිසයි. ඒ නිසා අපි බලාපොරොත්තු වන්නේ ඉක්මන් මැතිවරණයකට ගිහින්  මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්නයි. ඒ අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න තේරුම් ගන්නා ආණ්ඩුවක් විය යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න අද ගොවි ජනතාව ව්‍යාපාරිකයෝ ධනවතුන්, බලවතුන්, පාරට බැහැල තිබෙනවා.

විශේෂයෙන් ගෝල්ෆේස් එකේ තරුණයන්ගේ ඉල්ලීම් වලට අද මුළු රටේම ආශිර්වාදය ලැබිලා තිබෙනවා, ඒ තරුණයන් ගේ ඉල්ලීමට අපි සහයෝගය දැක්විය යුතුයි. තරුණයන්ගේ  ඉල්ලීම හොඳ රටක්  හැදීමයි.

අද  මේ රටේ ලක්ෂ දෙක තුනක් කන්න නැතුව ඉන්නවා. ඒක කාටවත් නැහැ කියන්න  පුළුවන් කමක් නෑ. ඖෂධ නොමැතිකම නිසා රෝගීන් අද  මැරෙනවා.   ආණ්ඩුවට ජනතාව එල්ල කරන  විරෝධය සමඟ ජාත්‍යන්තරව වශයෙන් මේ ආණ්ඩුව පිළිනොගන්නා මට්ටමකට පත් වෙලා තිබෙනවා.

තමුන්නාන්සේලා දන්නවා මගේ කාලේ ලෝකයේ සෑම රටක්ම අපට උදව් කළා. කිසිම රටක් සතුරු වුණේ නෑ. තරහ කරගත්තේ නැහැ. අද  ලෝකයේ රටවල තානාපතිවරු   කියන්නේ මේ රජය දුෂිත රජයක් නිසා අපිට පුළුවන් කමක් නෑ උදව් කරන්න කියලා.

එනිසා මේ ආණ්ඩුව ඉල්ල අස් වෙනවාද කියන ප්‍රශ්නය ජනතාව අහනවා. එනිසා මේ රජය ඉල්ලා අස්වෙලා ජනතාවට සුදුසු ආණ්ඩුවක් පත් කර ගන්න අවස්ථාව දිය යුතුයි.

ඉදිරි දින වලදී මේ රටේ  අලුත් ආණ්ඩුවක් හදන්න මේ සටන දිගටම අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා.

එහෙම නැතිනම් ජනතාවට සැනසිල්ලෙ ඉන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ගෙවල් ඇතුලේ, මහ පාරෙ, මිනිස්සු තව තවත් මැරෙයි. තෙල්  පෝලිම්වල  මැරුණා. වෙඩි කාලා මැරුණා. මේ තත්ත්වය තවත් උත්සන්න වෙන්න පුළුවන්. ආණ්ඩුව තව තවත් බලයේ ඉන්න ඕනේ කියලා හිටියොත්.

එනිසා මේ ජනතා හඬ ජනතාවගේ ඉල්ලීම් ආණ්ඩුව පිළිගත් යුතු වෙනවා.  අපි     ජාත්‍යන්තර  සහාය ලැබෙන හොඳ  ආණ්ඩුවක් බිහි කරලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මැදිහත් වෙමු     කියන පණිවිඩය මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝල්ෆේස් පරාදයි… ලන්ඩන් නුවර ගෝඨාගෝගමේ විරෝධයට දස දහසකට වැඩි ජන ගඟක්…

Next Post

ෆොන්සේකාගේ තිත්ත කතාව සජබ රෙදි ගැලවූ හැටි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.