මෙරටට පැමිණ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දේශපාලනයට එනවාට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දැඩි විරෝධතාවය පල කර ඇත.
හිටපු ජනාධිපතිවරයා ලංකාවට පැමිණිමෙන් පසු ඔහු පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කර අගමැති ධුරය ලබා දිය යුතු බවට යෝජනාවක් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පසුගිය දා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පවුලේ සාමාජිකයන් පිිරිසකට යෝජනා කළ අවස්ථාවේ ඔවුන් ඊට විරුද්ධත්වය පල කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ අද කළ යුතුව ඇත්තේ නිදහසේ ජීවිතය ගතකිරීම මිස තවදුරටත් දේශපාලනයේ පැටලෙමින් නැවත අනවශ්‍ය ගැටලු ඇතිකරගැනීම නොවන බව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එහිදී පවසා ඇතැයි ඉහත ආරංචි මාර්ග කියයි.
අද ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට ගිය මන්ත්‍රී මැති ඇමතිවරු අතර නාමල් රාජපක්ෂ සිටියේ නැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද බහුතර මතය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ යළි දේශපාලනයට නොපැමිණීම බවය.







