අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණි පලාගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට ආණ්ඩුවේ ඇමතිවරු සහ මන්ත්‍රීවරු 35කට අධික පිරිසක් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.
ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන, කාංචන විජේසේකර, ඉන්දික අනුරුද්ධ, ටිරාන් අලස්, සාගර කාරියවසම්, මධුර විතාන, ප්‍රසන්න රණවීර, නලීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සිය ප්‍රධාන ක්‍රියාකාරීන් සමග ඊයේ රාත්‍රි 11 සිට කටුනායක ගුවන්තොටුපලේ රැඳී සිට ඇත.
අලුයම 12.05 පමණ හිටපු ජනාධිපති වරයා සහ බිරිය කටුනායක ගුවන්තොටුපලට පැමිණීමෙන් පසු ඔහුව පිළිගැනීමෙන් අනතුරුව විශේෂ අමුත්තන්ගේ කුටියේ දී පැය භාගයකට අධික කාලයක් රැඳී සිටිමින සාකච්ඡා කර තිබේ.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ නවාතැන් අවශ්‍ය ආකාරයෙන්ම පිළියෙළ කර තිබෙන බව මෙහි දී මැති ඇමතිවරු ඇතුළු පාර්ලිමේන්තු නියෝජනය ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.
රජයේ වත්මන් ගමන්මග මෙන්ම පසුගිය වකවානුවේ සිදුවූ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහි දී අදහස් හුවමාරු කරගෙන ඇත.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ එනවා ද නැද්ද යන්න පිළිබඳව එම අවස්ථාවේ දී කිවසික් සාකච්ඡා නොකළ බව පොදු ජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරයක් ලංකාසරට පැවසීය.
ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව ඔහු සමග සිය මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අනතුරුව දැඩි ආරක්ෂක විධි විධාන යටතේ ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ කොළඹ පිහිටි රජයේ නිල නිවසට කැඳවාගෙන ගොස් ඇත.
&
;