ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට පැමිණෙන්නේ නම් ඔහුගේ පාර්ලිමේන්තු ප්‍රවේශය වෙනුවෙන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹෙපොල ඉදිරිපත් වී ඇතැයි පොදුජන එක්සත් පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
විශේෂඥ වෛද්‍යවරියක වූ සීතා අරඹෙපොල වියත්මග සාමාජිකාවක ලෙස පාර්ලිමේන්තුවට පැමිණ රාජ්‍ය අමාත්‍ය ධූරයක් ද හෙබෙවූවාය.
පොදුපෙරමුණේ කණ්ඩායමක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යළි දේශපාලනයට ගෙන්වා ගැනීමට කරන යෝජනාවේ දී ඔහුට පාර්ලිමේන්තු පැමිණීම සඳහා අවකාශය සකස් කර දීමට සීතා අරඹෙපොල මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට එකඟතාවය පල කර ඇත.
මේ පිරිස ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරය යළි පාර්ලිමේන්තුවට ගෙන්වා අනතුරුව අග්‍රාමාත්‍ය තනතුර ලබා දීම දක්වා සැලසුම් ඉදිරිපත් කර තිබේ.
එහෙත් පොහොට්ටුවේ බහුතරයක් මෙන්ම රාජපක්ෂ පවුලේ කණ්ඩායම ද ගෝඨාභය රාජපක්ෂ යලි දේශපාලනයට පැමිණීමට එරෙහි වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.