පවතින ආර්ථික අර්බුදය හමුවේ ගිවිසුම්ගත දින වකවානුවලට මුදල් ගෙවීම් කිරීමට නොහැකි වීම නිසා පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා ඉන්ධන නෞකාවලට ප්‍රමාද ගාස්තු ලෙස පමණක් රුපියල් කෝටි 290ක මුදලක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවා ඇතැයි වාර්තා වේ.
එම මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 80කට අධික මුදලකි.
ඩොලර් හිඟය හේතුවෙන් මිල ගෙවා ගත නොහැකිව සමහර ඉන්ධන නෞකා මසකට ආසන්න කාලයක් දිවයින ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබිණි.
ප්‍රමාද ගාස්තු ලෙස අය කෙරෙන මේ මුදලින් කොටසක් තවමත් ගෙවා නැත. කෙසේ වෙතත් ඉන් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ගෙවා අවසන් බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව කියයි.