ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන විද්‍යා පීඨ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පිළිගත් විශ්විද්‍යාල පද්ධතියට එක් කරගැනීමේ වැඩපිළිවෙළ කඩා කප්පල් කරන බව කියන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් උපාලි සේදරට විරෝධය පාමින් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ සංගමයේ වෘත්තීයවේදීන් අද (27) උදේ බත්තරමුල්ල ඉසුරුපාය අභියස විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිප්තිය විකෘති කරමින් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ලබාදුන් පොරොන්දුවත් අපයෝජනය කර හැසිරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන සහ විවෘත විශ්වවිද්‍යාල රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදරගේ අත්තනෝමතික මැදිහත්වීම්වලට එරෙහිව මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කළ බවත් මෙය ආරම්භයක් පමණක් බවත් සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥසේවා නිලධාරීන්ගේ වෘත්තිය සංගමය ප්‍රකාශ කළේය.
වැඩිදුර කියවන්න…
සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව ඉදිරිපත් වී ඇත්තේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්ව විද්‍යාල පීඨ තත්වයට උසස් කිරීමේ යෝජනාව වුවත් දශක දෙකක් පුරා ගුරු අධ්‍යාපනය විනාශ කළ ජාතික අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් කර ගුරු අධ්‍යාපන විද්‍යාපීඨ ඊට අනුයුක්ත කිරීමට ලේකම් සේදර දරණ අත්තනෝමතික උත්සාහයට එරෙහිව රජය දැනුවත් කිරීම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ බවත් එම සංගමය කීවේය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් පුද්ගලික සරසවියක උපකුලපතිකම කරමින් පඩි ගන්නා බව පිළිගනී..
රාජ්‍ය ප්‍රතිපත්තිවලටත් උඩින් යන සේදරගේ පිස්සුව ගැන ගුරු අධ්‍යාපනඥයෝ කියති.