සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය ප්‍රතිපත්තිවලටත් උඩින් යන සේදරගේ පිස්සුව ගැන ගුරු අධ්‍යාපනඥයෝ කියති.

විශ්වවිද්‍යාලත් තමන් යටතට ගැනීමට කුමන්ත්‍රණ කරන්නට පෙර ජාතික අධ්‍යාපන ආයතනය නිවැරදිව පෙළපොත් ටික සකසා පෙන්විය යුතුයි...

by editor
පෙබරවාරි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාගේ  සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන අමාත්‍යවරයා  විසින් 2020.12.14 දින ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාව පදනම් කරගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ ස්ථාපිත කරන්නට සැරසෙන ගුරු විශ්වවිද්‍යාලයට එරෙහිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාම  විශ්‍රාමික නිලධාරීන් කීප දෙනෙක් සමග එකතු වී බාධා කිරීම් සිදුකරන ආකාරය පුදුම සහගත බව සමස්ථලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ප්‍රකාශ කරයි.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්වයට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාවට අකුල් හෙළමින් ලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙක්  විසින් ගෙන යන ව්‍යාපාරයෙන් කියැවෙන්නේ ජාතින අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතිය ජාතික අධ්‍යාපන ආයතනය යටතට පත් කළ යුතු බවය.

ජාතික අධ්‍යාපන ආයතනයේ මුඛ්‍ය අරමුණවන විෂය මාලා සම්පාදනයත් ගර්හාවට ලක්වෙමින් ඇති වටපිටාවක,  උසස් පෙළ ජීව විද්‍යාව ඇතුළු විෂය මාලාවන් සහ බහුතර ගුරු අත් පොත්වල ඇති  අඩු පාඩු   පොත් ගණනක් නොව වෙළුම් ගණනක් ලියා පෙන්වා දිය හැකි වටපිටාවක විශ්වවිද්‍යාල තත්වයට පත් කරන  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ  ජාතික අධ්‍යාපන ආයතනය යටතට පත්කිරීමට යෝජනා කරන්නේ කුමන පදනමකින් දැයි  එම සංගමය ප්‍රශ්න කරයි.

තමන් සතු නිශ්චිත වගකීම් හා රාජකාරි පසෙක තබා  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර විසින්ම   සිදුකරන මේ බාධා කිරීම රජයේ ප්‍රතිපත්තිවලටම එල්ල කරන ප්‍රහාරයක් සේ තමන් දකින බව එම සංගමය  පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංගමය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස්කිරීමට රාජ්‍ය ලේකම් හරස්වෙයි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අධ්‍යාපන අමාත්‍ය ගරු ජී. ඇල්.පීරිස් මැතිතුමා විසින් 2020.12.14 දින ඉදිරිපත් කරනු ලැබු කැබිනට් පත්‍රිකාව මගින් හෙද සහ ගුරු විශ්වවිද්‍යාල දෙකක් ස්ථාපනය කිරිමට අනුමැතිය ලබාගෙන ඇත. එය ඉතාමත් කාලෝචිත පියවරක් ලෙස අගය කරමි.විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම යටතේ විශේෂ කාර්ය සදහා ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාල ලෙස මෙම විශ්වවිද්‍යාල දෙක නම් කොට ඇත.

නමුත් මේ උදාරතර වැඩ පිළිවෙලට කණ කොකා හැඩුවේ  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මැතිතුමා ‍ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට එරෙහිව ජාතික අධ්‍යාපන ආයතනයේ ‍පිරිසක් සහ  විශ්‍රාමික නිලධාරින් පිරිසක් සමග එකතු වී විවිධ බාධාවන් ඇතිකරමින් කටයුතු කිරිමත් සමගයි.

1985 වර්ෂයේදී   පුර්ව සේවා ගුරු පුහුණුව සදහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ආරම්භ කළ අතර මේ වන විට අධ්‍යාපන විද්‍යාපීඨ 19  ක් දීප ව්‍යාප්තව  ක්‍රියාත්මක වේ. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වසරකට ශික්ෂණලාභින් 4000 කට ආසන්න පිරිසක් පද්ධතියට දායාද කරනු ලබයි. පළමු වසරේ සිට  එකොළහ වසර දක්වා  සියලුම විෂයන් ආවරණය කිරිමට හැකි පාඨමාලා 16 කට ආසන්න ප්‍රමාණයක් විද්‍යාපීඨවලින් පවත්වාගෙනු යනු ලබයි. ඉහල සුදුසු කම් සහිත කථිකාචාර්යවරුන් ද  ප්‍රමාණවත් භෞතික පහසුකම් ද විද්‍යාපීඨ සතුවේ. නමුත් ජාතික අධ්‍යාපන ආයතනය සතුව මෙම පාඨමාලාවල සහතික ප්‍රධානය කිරිමේ බලයත් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව කළමනාකරණ බලයත් තිබීම නිසාත් මෙම ආයතන දෙක අතර නිසි සම්බන්ධිකරණයක් නොතිබීම නිසාත් විද්‍යාපීඨවල ගුණාත්මක භාවය  දිනෙන් දින පහළ යමින් පවති.

ජාතික අධ්‍යාපන ආයතනයේ මුඛ්‍ය අරමුණ වන විෂය මාලා සම්පාදනය පසෙක තබා විශ්වවිද්‍යාල සිහිනයක එහි නිලධාරින් කිහිප දෙනෙකු එල්බ සිටිති. ඔවුන්ට අද විෂය මාලාව සහ පෙළපොත් ගැන කතා කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. උසස් පෙළ ජීව විද්‍යාව ඇතුළු විෂය මාලාවන් සහ බහුතර ගුරු අත් පොත්වල ඇති  අඩු පාඩු ලියන්නට ගියහොත් වෙනම පොතක් නොව වෙලුම් ගණනාවක් ලිවිය හැක. 

  ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තවදුරටත් රැක ගැනීමට අවශ්‍ය නම් කළ යුතු පළමු කාර්ය වන්නේ කිසිදු දැක්මක් නැති   ගුරු අධ්‍යාපනය වෙනුවට හිතවතුන් යොදා ගනිමින්  මොනවා හෝ දෙයක් ලියා මුදල් උපයා ගන්නා විද්වතුන්යැයි කිව්ව ද එසේ නොවන පිරිසක් සිටින   අධ්‍යාපන ආයතනයෙන්  විද්‍යාපීඨ ඉවත් කර ගැනීමයි. එයට තුනෙන් දෙකක බලයක් හෝ මහා පරිශ්‍රමයක් අවශ්‍ය නොවේ. විද්‍යාපීඨ පණත සහ ජාතික අධ්‍යාපන ආයතන පණත අනුව අධ්‍යාපන අමාත්‍යවරයාට ඇවසි විටක පණත සංශෝධනය කිරීම හෝ අත්හිටුවීම කළ හැක.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පසෙක තබා ජාතික අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාල කිරිමටත් විද්‍යාපීඨ එයට ඈදා තබා ගැනීමටත් දක්වන උනන්දුව පුදුම සහගතය. ඔහුම කියන පරිදි ඔහු දැනටත් ප්‍රධාන නිලධාරියා ලෙස සේවය කරන පෞද්ගලික විශ්වවිද්‍යාලයේ  ගෝලයන්ට ජාතික අධ්‍යාපන ආයතනයේ  තනතුරු දීමට ගන්නා උත්සහයක් ද? එසේම රාජ්‍ය ලේකම්වරයා දිනපතා පුවත් පතකට කියා ඇත්තේ විද්‍යාපීඨ විශ්වවිද්‍යාල කිරිමට ගුරු අධ්‍යාපනඥයන් උත්සහා කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්  මෙන් නිකන් සිටිමට බවයි. මෙම ද්වේශ සහගත ප්‍රකාශය අප පිළිකුලෙන් හෙලා දකින්නේ විශ්වවිද්‍යාලයක උගත් පිරිසක් ලෙස  විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කැපවීම අප හොදින් දන්නා බැවිනි. රටක ජාතික අධ්‍යාපනය සම්බන්ධව මධ්‍යස්ථව සහ පුද්ගල බද්ධතාවයෙන් තොර මැදිහත්වීමක් කිරීමට මෙවැනි නිලධාරියෙකුට හැකිවේ ද යන්න අපට ගැටලුවකි. මෙවැනි තත්ත්වයක් තුළ රටේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ  කිරිමේදී උද්ගතවිය හැකි ගැටලු පිළිබද අවධානයෙන් සිටීම  සියලු පුරවැසියන්ගේ යුතු කමකි.    

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙරට ඉදිවූ දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහලේ වැඩ අවසන්

Next Post

බැසිල් උඩට ගැනීම වළක්වන්න විමල් ඇතුළු පිරිසක් රහස් වැඩසටහනක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.