ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ පත්වීම වැළැක්වීමට විමල් වීරවංශ ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ කීපයක නායකයින් මේ වනවිට රහසිතගත වැඩපිළිවෙළක් දියත් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට වාර්තා කරයි.
විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, දයාසිරි ජයසේකර, මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කර ඔහු මීලඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හා ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කීපදෙනෙක් උත්සාහ කරමින් සිටින අතර කෙසේ හෝ එම උත්සාහයන් පරාජය කළ යුතු බව විමල් වීරවංශ ප්‍රමුඛ කණ්ඩායම තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩි දුරටත් තහවුරු කළේය.
මේ අතර බැසිල් රාජපක්ෂ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත්කිරීමේ වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කරන විමල් ප්‍රමුඛ කණ්ඩායමට දිගින් දිගටම මතවාදීව පහර දී ඔවුන්ගේ මතය කෙසේ හෝ පරාජය කළ යුතු බවට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පොදු එකඟතාවයක් ඇති කරගෙන ඇති බව ඉහත ආරංචි මාර්ග අනාවරණය කරයි.