කහතුඩුවේදී ඊයේ ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු පොහොට්ටුවෙන් මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත්රික්කයට තරග කළ හිටපු පළාත් සභා මන්ත්රී අමල් සිල්වා ගේ රියදුරකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ඊයේ කහතුඩුව හෙරළියවල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම පුද්ගලයන් දෙදෙනා පසුගියදා පොලිසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී ඝාතනයට ලක් වූ ගොනාකෝවිලේ රොහාගේ ගෝලයින් දෙදෙනකු ව හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේදී ටී 56 ගිනි අවි දෙකක් ඒ.කේ 47 ගිනි අවියක් සහ ජීව උණ්ඩ ද ඔවුන් ළඟ තිබී අත්අඩංගුවට ගැනිණි.