මිනුවන්ගොඩ ගමන්ගෙදර ත්‍රිපුද්ගල ඝාතනයේ කුලී ඝාතකයා අද පදවියේ 18 කනුව නිවසක සැඟවී සිටියදී පදවිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ඔක්තොම්බර් 06 වැනි දා ගමන්ගෙදර නිවසක් තුළ මෙම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනය සිදුවී තිබිණි. ඥාති දෙපිරිසක් අතර සිදුවන ඝාතන දාමයක ප්‍රතිඵළයල් ලෙස මෙම ත්‍රිත්තව ඝාතනය සිදුවූයේය.
ඝාතකයා පළා ගොස් තිබුණු අතර මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් දැනට ඩුබායි හි සැඟවී සිටින අපරාධකරු හැරුණු විට ප්‍රධාන සැකකරුවන් 07 දෙනාම මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබිණි.
සැඟවී සිටි කුලී ඝාතකයා ජයගොඩගේ සංජීව දෝන සංජීව ලක්මාල් නැමැති 39 හැවිරිදි පුද්ගලයෙකි.
අංක 10, මහින්දාරාම පාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලිපිනයේ පදිංචිව සිටි මෙම තැනැත්තා ගුවන් හමුදාවෙන් පැන ආ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තෙකි.
මෙම පුද්ගලයා සොයා පොලිසිය මාසයක් පුරා පරීක්ෂණ මෙහෙයවමින් සිටියේය.
මේ අතර සැක කටයුතු පුද්ගලයෙක් පසුගිය 29 දා සිට පදවිය 18 කණුව ගම්මානයේ නිවසක් තුළ සිටින බව එම ගම්වාසීන් විසින් පොලිසියට දන්වා තිබිණි.
එම දැනුම් දීම අනුව පොලිසිය මෙම නිවස පරීක්ෂා කිරීමට පැමිණෙද්දී නිවසේ සිටි පුද්ගලයා පැනගොස් තිබේ.
පොලිසිය මැදිහත් වී සැකකරු අල්ලාගෙන පොලිසියට රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේ දී ඔහු පොලිසිය මෙතෙක් සොයමින් සිටි ගමන්ගෙදර ත්‍රිත්ව ඝාතකයා බව හෙළි වී ඇත.
මේ වනවිට ගිනි අවිය සොයා ගෙන ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යන බව පොලිසිය කියයි.
මේ කතාවත් බලන්න…
මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිවලින් අරන්… 04ක් සැක පිට අත්අඩංගුවට..
ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධව අඹු සැමි යුවලක් මිනුවන්ගොඩ දෙවළපොලින් අත්අංගුවට…