සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිවලින් අරන්… 04ක් සැක පිට අත්අඩංගුවට..

තවත් දෙදෙනෙක් සොයා විමර්ශකයෝ ලුහුබඳිති....

by editor
ඔක්තෝබර් 7, 2022
in පුවත්
ඝාතනය කළ පියා සහ පුතුන් දෙදෙනා...

ඝාතනය කළ පියා සහ පුතුන් දෙදෙනා...

Share on FacebookShare on Twitter

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධව පුද්ගලයින් 04ක් මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුව ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සරුංගල් යැවීමේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් වර්ෂ 2017 දී ඇතිවන ඝාතන දාමයේ දී ඝාතනය වූ තරුණයෙකුගේ තාත්තා   සහ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායි සිට ලබා ගත් පාතාල අපරාධකරුවෙකුගේ ගෝලයින් තිදෙනෙකි. පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට පත්වන්නේ  අනුරාධපුරය බලා යන  බස් රථයක ගමන් කරමින් සිටිය දීය.

මාකිලංගමුවේ සංජීවගේත්  පාතාල මගපෙන්නෙක්  ලෙස කටයුතු කළ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ බව කියන මෙම අපරාධකරු මේ වනවිට ඉන්නේ ඩුබායිවලය. සිය ගමේ මිතුරෙක් ගමේ කමට ඉල්ලූ උපකාරය ඔහු ඉටු කර තිබුණ බව අපරාධ විමර්ශකයෝ පැවසූහ.

ඝාතන දාමය

මේ මරාගැනීම් සිදුවන්නේ ඥාති පවුල් දෙකක් අතරය.  ඊයේ සිදුවූ ඝාතනයත් සමග මෙම ඝාතන දාමය පස් වසරක් තුළ මිනී මැරුම්  07ක් තෙක් දික් ගැස්සී තිබේ.

වර්ෂ 2017 දී සරුංගල් යැවීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම ඝාතනදාමය ආරම්භ වන්නේ  පියෙක් සහ පුතෙක් ඝාතනය කිරීමෙනි. සරුංගල් යැවීමේ දී ඇතිවූ බහින්බස් වීමක් හගිස්සා පහර දීමට නිවකට කඩා වැදුන  ලාල් ප්‍රේමසිරි සහ ඔහුගේ පුත් සුරාජ් ධනංජය මෙම සිද්ධියේ දී ඝාතනය වූයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊයේ ගමන්ගෙදර නිවසේ දී ඝාතනය වූයේ ලාල් ප්‍රේමසිරි සහ සුරාජ් ධනංජය ඝාතනය කළ බවට සැක පිට රක්ෂිත බන්ධනාගාරගත වී සිට ඇප මත නිදහස් වී සිටිනඅකලහන්දි ලක්ෂ්මන් කුමාර හෙවත් රාලහාමි(50), ඔහුගේ වැඩිමහල් පුතා වන සුරේෂ් ජීවන්ත (24) යන  දෙදෙනාත්  බාල පුතා වන රොෂාන් මධුවන්ත (22) යන තරුණයාත්ය.

මීට පෙර මෙම ඝාතන දාමයේ පුරුකක් ලෙස වර්ෂ 2018 දී ජස්ටින් රත්නසීල නැමැත්තෙක් ඝාතනය විය. ඒ ඝාතනය වූ ජස්ටින් රත්නසීල (65)  ඝාතනය වූ රාළහාමිගේ සහෝදරයාය.

ජස්ටින් රත්නසීල වෙඩි තබා ඝාතනය කිරීමට සැක පිට අත්අඩංගුවට ගනු ලැබ ඇප පිට නිදහස් වී සිටින පුද්ගලයින් දෙදෙනාගෙන් කෙනේක වූයේ  ලක්ෂිත ලක්ෂාන් නොහොත් සුද්දා නැමැති  තරුණයාය. සුද්දා 2021 දී ඝාතනය වූයේය. නැවත සුද්දා ඝාතනයට සැක පිට ඊයේ ඝාතනයට ලක් වූ පියාත් පුතුන් දෙදෙනාත් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් වී සිටියේය.  මේ ත්‍රිපුද්ගල ඝාතනය එම ඝාතනයට සිදුවූ පලි ගැනීමක් ලෙස විමර්ශකයින්ට පෙනී ගොස් ඇත..

හෙළිදරවු වී ඇති කරුණු අනුව මෙම  ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගන්නා එක් පුද්ගලයෙක් වන්නේ සුද්දාගේ පියාය.  ඔහු 2017 සරුංගල් මරණ දාමය ආරම්භ කරමින්  ඝාතනය වුනු  ලාල් ප්‍රේමසිරිගේ අයියාය.   මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වන්නේ විශේෂ කාර්ය බලකායෙන් සහ ගම්පහ අපරාධ කොට්ඨාස විමර්ශන කාර්යාංශයෙනි.

ත්‍රිපුද්ගල ඝාතනය සිදුවූ අයුරු…

ඝාතනය සිදුවූ ඊයේ (06) උදේ පොලිස් ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුන පුද්ගලයෙක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක්  මිනුවන්ගොඩ ගමන් ගෙදර ඝාතනයට කළ පුද්ගලයින්ගේ  නිවසට පැමිණ තිබේ.

ඔවුන් පවසා ඇත්තේ නිවසේ ගිනි අවි ඇතැයි ලැබුණු ඔත්තුවක් මත පරීක්ෂා කිරීමට අවශ්‍ය බවය.

අනතුරුව නිවෙස් හිමියාගේ බිරියට සහ දියණියට කාමරයකට ගොස් දොර වසාගන්නා ලෙස අණ කර නිවෙස් හිමියාත්, පුතුන් දෙදෙනාත් නිවසේ සාලයේ දණගස්වා වෙඩි තබා තිබේ.

පුතුන් දෙදෙනා වන සුරේෂ් ජීවන්ත (24) සහ බාල පුතා වන රොෂාන් මධුවන්ත (22)  එතැනම මිය ගොස් ඇත. අකලහන්දි ලක්ෂ්මන් කුමාර හෙවත් රාලහාමි(50) මිනුවන්ගොඩ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබේ.

ඝාතකයින් පැමිණි වාහනය සහ යතුරුපැදියක් ඊයෙ දහවල් බඩල්ගම මඩම්පැල්ල ප්‍රදේශයේ අත්හැර ගොස් තිබිය දී පොලිසියට හමුවී තිබිණි. මෙම වාහනයේ හිමිකාරිත්වය තිබුණේ මිනුවන්ගොඩ පල්ලමවත්ත ප්‍රදේශයේ කාන්තාවකටය. ඇය වාහනය කුලී පදනම මත වාහන සපයන ආයතනයක් වෙත ලබා දී තිබී ඇත.

පසුගිය 04 වැනිදා තරුණයෙක් පැමිණ මෙම වාහනය කුලී පදනම මත රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර තිබේ.

ඝාතනයට ලක් වූ පියා සහ පුතුන් දෙදෙනා අද සරුංගල් නඩුවට අදාලව මුල්ම  මිනීමැරුම් සිද්ධිය වූ පිය පුතු ඝාතනයට සැක පිට  රක්ෂිත බන්ධනාගාරතව සිට ඇප පිට නිදහස් වූ පුද්ගලයින්ය.

ඝාතන සිද්ධියට අදාලව තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව විමර්ශකයෝ කියති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ මිල පාලනයට ජනපති කැමතියි… සෞඛය ඇමති අකමැතියි – GMOA

Next Post

ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධව අඹු සැමි යුවලක් මිනුවන්ගොඩ දෙවළපොලින් අත්අංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.