-
කොවිඩ් නීති කඩ කළා කියලා අත්අඩංගුවට ගන්න අය බස්වල පටවන් යන්නෙ පොලිසිවලට
-
කිටි කිටියෙ හිර කරලා කූඩු වලට දානවා… මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණ අය වෙනත් සැක කරුවොත් ඒ කූඩුවල
-
උසාවි දාන්න බෑ… ප්‍රකාශයක් සටහන් කරන් පොලිස් ඇප පිට ගෙදර යවනවා…
කොවිඩ් නීති කඩ කරන්නන් අත්අඩංගුවට ගන්නා බව රටට ප්‍රදර්ශනය කරමින් මුව ආවරණ නිසි ලෙස පැළඳ ගෙන නොමැති පුද්ගලයන් පවා අල්ලා බලහත්කාරයෙන් උස්සාගෙන විත් බස්වල පටවාගෙන රැගෙන යන්නේ නිරෝධායන මධ්‍යස්ථානයකට නොව පොලිසියට බවත් අත්අඩංගුවට ගත් සියලු දෙනා කිටි කිටියේ සිරවන සේ පොලිස් කූඩුවල ගාල් කර වරු ගණන් තබන බවත් මේ තත්වය රට පුරා පොලිස් ස්ථාන කොවිඩ් මාරක කිරීමේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.
මේ වනවිට කොවිඩ් නීති කඩන්නන්, අපරාධ සැක කරුවන්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් නිශ්ඡිත ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සෑම පොලිස් ස්ථානයකටම ඉලකක් ලබා දී ඇති බව පැවසේ.
එම ඉලක්ක සම්පූර්ණ කරන්නට බැරි පොලිස් නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වීමට සිදු වී තිබෙන නිසා කුමණ හෝ වැරැද්දකට හසුකරගෙන සැක කරුවන් ලෙස පුද්ගයන් අත්අඩංගුවට ගැනීමට සිදු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගම හෙළිදරවු කරයි.
මෙම විකෘති තත්වය වැඩි වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත තුළ බව පවසන පොලිස් පොඩ්ඩෝ ඉහළම නිලධාරීන් වැඩ්ඩන් කිරීමට ලකුණු එකතු කර දීම සඳහා කරන ලාබ ප්රචාරක වැඩ සටහන් අවසානයේ දී සමාජයම බරපතල අර්බුදයකට තල්ලු කරන බව පෙන්වා දෙති.
“ හැම පොලිසියක්ම ටාගට් කවර් කරන්න අත්අඩංගුවට ගන්න මිනිස්සුන්ගෙන් පිරිලා. මේ අයව උසාවියෙ ගේට්ටුවෙන් ඇතුළට ගන්නෙ නෑ. ප්‍රකාශයක් සටහන් කරන් පොලිස් ඇප පිට හැමොම නිදහස් කරනවා. මාස්ක් එක නිකටෙ තිබුණ කෙනයි, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුනු කෙනයි, අපරාධ සැක කරුවො කියලා අත්අඩංගුවට ගන්න අයයි දාන්නෙ එකම කූඩුවක. සමහර වෙලාවට කූඩුව ඇතුලේ විස්සකට වඩා දාන්න වෙනවා. ඒ මිනිස්සු වගේම අපි හැමෝම අනාරක්ෂිතයි“
පොලිස් පොඩ්ඩන් කිහිප දෙනෙක් තමන්ගේ අත්දැකීම ලංකාසරට ප්‍රකාශ කළේ ඒ ලෙසය.