කොවිඩ් රෝගය සුව වූ පසු දරුවන්ට වැළඳෙන බහු ඉන්ද්රිය අකර්මන්‍යතා රෝගයට ලක්ව අසාධ්‍ය වූ දරුවන් 06 දෙනෙක් මේ වනවිටත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත සදහන් කරයි.
මෙම රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 14ක දරුවෙක් පසුගිය ඉරිදා මිය ගිය බවත් මේ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන දරුවාද වයස අවුරුදු 17 අයෙකු බවත් විශේෂඥවරයා පෙන්වාදේ.
රෝගයට ගොදුරු වූ දරුවන් 100ට අධික පීරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබූ අතර ළමුන් 76 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ බවත් ඔහු පවසයි.
කොවිඩ් වැලඳී සුවය ලබා සති 4 – 6 ක් වැනි කාලයකදී ඇතිවන උණ, උදරයේ තදබල වේදනාවක් හා ඇගේ රතු පැහැති ලප මතුවන්නේ නම් වහාම දරුවා රෝහල් ගත කරන්නැයි විශේෂඥවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක්කරයි.
ඇතැම් දරුවන්ට කොවිඩ් රෝගය වැලඳුනද රෝග ලක්ෂණ නොපෙන්වා සුවය ලබන බැවින් එවැනි දරුවන්ට කොවිඩ් වැළඳුණේ යැයි දෙමාපියන් පවා දැනුවත් නොමැති වීම හේතුවෙන් ඉහත රෝග ලක්ෂණ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන තත්ත්වයක් පෙන්නුම් කරන බව වෛද්‍ය කිතුල්වත්ත සඳහන් කරයි.
මෙවැනි දරුවන්ට කල් ඇතිව රෝහල් ගත කරන්නේ නම් අවශ්‍ය ප්‍රතිකාර නිසි වේලාවට ලබා දීමෙන් සුව කර ගත හැකි බවත් විශේෂඥවරයා අවධාරණය කරයි.