බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෙන එන බවට ඔහු වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතා පවසයි.
හිරු රූපවාහිනි නාළිකාවේ හාඩ් ටොක් විශේෂාංගය වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු කියාසිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ නම ගැසට් කළ පසුව ඔහු මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවත් අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවත් ය.
ඔහුට මුදල් අමාත්‍ය ධුරය ලබාදීමට වත්මන් අමාත්‍යාංශය හොබවන අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත දෙන්නට ඇති බවත් ඔවුන් සහෝදරයන් නිසා ඒ බව කතිකා කරගෙන ඇතැයි ද කැටගොඩ මහතා මෙහිදී කියාසිටියේ ය.
බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයට එන ලෙස පසුගිය මාස 10 තුළම පක්ෂ සාමාජිකයන් දැඩි පීඩනයක් දුන් අතර ඔහු කැමැත්ත පළකළේ ඉතා අසීරුවෙන් බවත්, ඔහු වෙනුවෙන ප්‍රතිපාදන සැකසීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ යුතුකම ඉටු කිරීමට මිස තනතුරු අපේක්ෂාවෙන් නොවන බවද හෙතෙම කීය.
බැසිල් රාජපක්ෂ මහතා පත්වූ පසුව ජනතාවට යම් සහනයක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.