වයස් සීමාවකින් තොරව සියලු ගුරුවරුන් සඳහා එන්නත් ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ පිළිබඳ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍ය අංශ වෙත දැනුම් දී ඇත්තේ මෙම එන්නත් කරණය ලබන 12 වන දින සිට ආරම්භ කළ යුතු බවය.
ගුරුවරුන් එන්නත් කිරීමෙන් අනතුරුව පාසල් විවෘත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මින් පෙර නිවේදනය කර තිබුණේය.
ඊයේ පාර්ලිමේන්තුවේ දී ගුරුවරුන්ගේ එන්නත්කරණය ප්‍රමාද වීම පිළිබඳ විපක්ෂයේ දැඩි විවේචනය මතු වී තිබිණි.