අප නොසැලකිලිමත් ලෙස හැසිරුණහොත් තව දින 14ක් යන්නට පෙර ඉන්දියාවට වන දේ නිසැකවම සිදුවන බවත් කොවිඩ් ආසාදනය වන සෑම රෝගීන් සියයකගෙන්ම පස්දෙනෙකුට අසාධ්‍ය වී දෙදෙනෙක් මිය යෑමේ ප්‍රවණතාවයක් දැනට ඇති බවත් . ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැ
සුවාය .
වේගයෙන් පැතිරී යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය නිසා රට විශාල අනතුරකටය යන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබූ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද මාධ්‍යයට ප්‍රකාශ කළේ ලංකාවේ ඕනෑම තැනකින් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් සිය ගණනක් වාර්තා විය හැකි බවය.
මේ තත්වය යම් පමණකින් කළමනාකරණය කරගැනීමට සමාජයේ වගකීම් සහගත හැසිරීම මෙන්ම රෝගීන් සොයා ගොස් ප්‍රතිකාර කිරීමත් අශ්‍රිතයන් වෙන් කිරීමත් අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේය.