දිනසේන රතුගමගේ –
ඉන්දීය ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට සිදුවන අසාධාරණකම් වහාම නතර කිරීමට අවසන් න්‍යාය පත්‍රයක් සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිසවරයා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය මහ කොමසාරිස්වරයා හමු වීමෙන් පසුව කළ සාකච්ඡාවේදී මේ බව ඔහු ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවසීය.
ඉන්දීය ධීවරයින් නිසා උතුරේ ධීවරයින්ට විශාල හිරිහැරයක් සිදු වන බවත් උතුරේ ධීවරයින් සතු මුහුදු සම්පත් ඉන්දීය ධීවරයින් නිසා උතුරේ ධීවරයින්ට අහිමි වී යන බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා මේ සාකච්ඡාවේ දී පිළිගත් බවත් සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.
මේ නිසා මේ ප්රශ්නය අවසන් කිරීම සඳහා අවශ්‍ය න්‍යාය පත්‍රයක් වහාම සකසා ඉන්දීය රජය සමග ඒ පිළිබදව සාකච්ඡා කොට යම් විසදුමකට එළඹෙන බවටද ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කොට තිබේ.