ලලිත් චාමින්ද –
ඊයේ (03) රාත්‍රියේ සිට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල ප්‍රදේශයේ ජනතාවගේ ජනජිවිතවලට දැඩිබලපැමක් එල්ලවි ඇත.
පහත්බිම් හා මාර්ග ගණනාවක් ද ජලයෙන් යටවී ගොස්ය.
අයහපත් කාලගුණික තත්වය නිසා දඩුවන කබරගල වැනි ප්‍රදේශ ගණනාවක විදුලිය ඇණහිට තිබේ. මේ අතර වි වගාව සිදුකළ කුඹුරුද ජලයෙන් යටවි ඇත.
නායයාමට ලක්වන බවට අනතුරු අඟවා ඇති ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙන ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලිම් කරයි.







