වැලිගම කප්පරතොට ඇවරිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුඩා හෝටලේක අද දින අලුයම් කාලයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා මේ වන විට මාතර රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම පිපිරීම එම ගොඩනැගිල්ලේ මුළුතැන්ගෙයි ප්‍රදේශයේ සිදුවී ඇති බව පොලිසිය කියයි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
මාතර කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් එම ස්ථානය පරික්ෂා කරමින් සිටී.
රජයේ රස පරීක්ෂකවරයාද මෙම ස්ථානය පරික්ෂා කිරීමට පැමිණීමට නියමිතය.
වැලිගම පොලිසිය මගින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.