බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානය පුරා ගෙවුණු සතියේදී සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයින් 77 මරුට

by Lankasara News
අප්‍රේල් 28, 2022
in පුවත්
Afganistan Bomb Attack
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය පුරා ගෙවුණු සතියේදී සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් දරුවන් ඇතුළු පුද්ගලයින් 77 දෙනෙකු මරණයට පත් වී තිබේ. එක් ප්‍රහාරයකදී එක් දරුවෙකුවත් අවම වශයෙන් මරණයට පත් වී ඇතැයි කාබුල් වාර්තා සඳහන් කරයි. මෙම ප්‍රහාරයන් හේතුවෙන් එරට ආර්ථිකය ද ක්‍රමයෙන් පහළට ඇද වැටෙමින් තිබෙන අතර රට අස්ථාවරත්වයට පත් ව තිබේ. තලෙයිබාන්වරුන්ට ඇෆ්ගනිස්ථාන වැසියන් හා සුළු ජාතීන් ප්‍රචණ්ඩත්වයෙන් හා ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කළ හැකිදැයි සැකයක් මතුව ඇත.

පසුගිය අඟහරුවාදා කාබුල් අගනුවර පිහිටි අබ්දුල් රහීම් ෂහීඩ් උසස් පාසැලට හා මුම්ටාස් අධ්‍යාපන ආයතනයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන් සමඟින් ප්‍රහාර රැල්ල ඇරඹිණි. අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන අන්දමට අබ්දුල් රහීම් ෂහීඩ් උසස් පාසැලට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරයන්වල වගකීම කිසිවෙකු බාරගෙන නොමැති වටපිටාවක කුන්දුස් පළාතේ රජයේ සේවකයින්ට ද ප්‍රහාරයක් එල්ල විණි. එම ප්‍රහාරයේ වගකීම අයිඑස්අයිඑස් කේ සංවිධානය බාරගෙන තිබිණි.

උතුරු ඇෆ්ගනිස්ථානයේ මසාර් ඊ ෂරීෆ් හි ෂියා පල්ලියකට ද අයිඑස්අයිඑස් කේ සංවිධානය ප්‍රහාරයක් එල්ල කළ අතර එමඟින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් 100කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබීය. වොෂින්ග්ටන් පෝස්ට් මිය ගිය සංඛ්‍යාව 31ක් ලෙස වාර්තා කරද්දී ‘ද ඇසොසියේටඩ් ප්‍රෙස්’ එම සංඛ්‍යාව වාර්තා කර තිබුණේ 12ක් ලෙසිනි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මෙම ප්‍රහාරයේ වගකීම බාරගත් අයිඑස්අයිඑස් කේ සංවිධානය සඳහන් කළේ බෝම්බය තිබුණේ සේ ඩොකේන් පල්ලිය තුළ දමා ගිය බෑගයක බවයි.
“පල්ලිය වන්දනාකරුවන්ගෙන් පිරී තිබියදී දුර සිට බෝම්බය පුපුරවා හැරියා…” සංවිධානය සඳහන් කරයි.

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවන්ට අනුව පල්ලිය තුළ බෝම්බය පිපිරී ගිය කාලයේදීම කුන්දුස් පළාතේ බස් රථයකට අයිඑස්අයිඑස් කේ සංවිධානය ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් සිව්දෙනෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා ඇත.

බාල්ක් පළාතේ මසාර් ඊ ෂරීෆ් බෝම්බ ප්‍රහාරයේ ‘මහමොළකරු’ අත්අඩංගුවට ගත් බවට ඇෆ්ගනිස්ථාන රජය නිවේදනය කිරීමත් සමඟින් කුන්දුස් පළාතේ පල්ලියක තවත් බෝම්බයක් පුපුරා ගියේ පුද්ගලයින් 30කු පමණ මරණයට පත් කරමිනි.

මේ සියලු ප්‍රහාරයන් පසුපස සිටින්නේ අයිඑස්අයිඑස් කේ සංවිධානය ද යන්න අපැහැදිලි වුවත්, ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීමට තලෙයිබාන්වරු ද අසමත් බව පැහැදිලි වී තිබේ. පසුගිය අගෝස්තුවේ ඇමරිකානු හා නේටෝ හමුදා රට හැර ගිය පසු විශේෂයෙන්ම එරට සුළු ජාතීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් උනන්දුවක් නොදක්වයි. තලෙයිබාන්වරුන් කාන්තාවන්ට මාධ්‍යවේදීන් මානව හිතවාදීන් හා වෙනත් සංවිධානවලට හිංසා පීඩා කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව ආර්ථික සම්බධාක රැසක් ද පැනවී තිබේ.

“මෙම ප්‍රහාරකයින් උත්සාහ කරන්නේ තලෙයිබාන්වරුන් බලයේ සිටියත් ඔවුන්ව නැවැත්විය නොහැකි බව පෙන්වමින් රට අනාරක්ෂිත කිරීමටයි…”

කාබුල් නුවර ශාස්ත්‍රීය හා දේශපාලනික විශ්ලේෂකයෙකු වන ෆායිස් සාලන්ඩ් සඳහන් කරයි. “ඔවුන් විනාශයේ වසන්තයක් හා ගිම්හානයක් නිවේදනය කරනවා…”

තලෙයිබාන්වරුන් අයිඑස්අයිඑස් කේ සංවිධානයන් සුන්නි අන්තවාදී කණ්ඩායම් ලෙස සැලකෙන අතර ෂියා මුස්ලිම්වරුන් ඇදහීම අත්හල අය හෝ විශ්වාස නොකරන්නන් ලෙස සැලකේ. තලෙයිබාන්වරුන්ට ද ෂියා මුස්ලිම්වරුන් ඝාතනය කිරීමේ ඉතිහසයක් ඇතත් එරට පාලනය බාර ගැනීමට මත්තෙන් නව තලෙයිබාන් රජයක් යටතේ සුළු ජාතීන් ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දුන්හ.

ෂියා ඉස්ලාම් ආගම අදහන ‘හසාරා’ සුළු ජාතිය අධ්‍යාපන හා රැකියා අවස්ථා කිහිපයක් සමඟින් ඉතිහාසයේ සිටම කොන් කර තිබේ. ඔවුන් ඇෆ්ගනිස්ථානයේ වෙසෙන තෙවැනි විශාලතම ජනවාර්ගික කණ්ඩායම වන අතර ‘පශ්තුන්ස් හා තාජික්ස්’ පෙරමුණේ වෙසෙති. තලෙයිබාන්වරුන් දෙවැනි වරටත් එරට රජය අල්ලා ගැනීමට මත්තෙන් ෂියා මුස්ලිම්වරුන් වාර බොහෝ සංඛ්‍යාවකදී ප්‍රහාර එල්ල කළ අතර හසාරාවරුන් බොහොමයක් ඒ අතර සිටියහ.

උදාහරණයක් ලෙස පසුගිය වසරේ මැයි මාසයේදී කාබුල් නුවර කාන්තා පාසැලක හසාරා අංශය ප්‍රධාන කරගෙන එල්ල කළ බෝම්බ ප්‍රහාරයකදී 90 දෙනෙක් මිය ගියහ. එහි වගකීම තලෙයිබාන් සංවිධානය බාර ගත්තේය. ෂියා සුළු ජාතීන්ට ප්‍රහාරයන් එල්ල කිරීම ඇරඹුණේ 1990 වසරේ සිටය. තලෙයිබාන්වරුන් පවසන ආකාරයට හසාරා ප්‍රජාවන්ට එල්ල වූ ප්‍රහාරයන් වැඩි සංඛ්‍යාවක් එල්ල කර තිබෙන්නේ අයිඑස්අයිඑස් කේ සංවිධානයයි.

තලෙයිබාන් රජය හසාරා මිනිසුන්ට සෘජුවම තර්ජනය කරනවා පමණක් නොව අයිඑස්අයිඑස් කේ සංවිධානය ප්‍රහාරවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට ද අසමත්ව ඇතැයි ඇෆ්ගනිස්ථානයේ අන්තවාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක්සත් ජනපද සාම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ අස්ෆන්ඩයාර් මිර් සඳහන් කර තිබේ. “ඇෆ්ගන් මිනිසුන්ගේ සුව පහසුව ආර්ථිකය හා අයිතිවාසිකම් තලෙයිබාන්වරුන් විසින් ගැටලුකාරී තත්ත්වයකට පත් කර තිබෙන අතර සුළු ජාතීන් ඇතුළුව සියලු ඇෆ්ගන් වැසියන්ගේ ආරක්ෂාව සැපයීමට හැකි බව පවසමින් ඔවුන් තව දුරටත් අගාධයට තල්ලු කරමින් සිටියි…’ ඔහු ඊමේල් පණිවිඩයක් මඟින් ‘වීඕඑක්ස්’ පුවත් සේවයට පවසා තිබේ.

“තලේබාන් පාලනය යටතේ සුළු ජාතින් අවදානමට ලක්ව සිටින අතර විශේෂයෙන් ප්‍රචණ්ඩතව්යේ ප්‍රධානතම ඉලක්කය බවට හසාරා පත් වී තිබේ. මෙය අනාරක්ෂිත බවේ ප්‍රධානතම මූලාශ්‍රයක් වන අතර විශේෂයෙන්ම සුළු ජාතීන්ට ආරක්ෂාව සැපයීමට තලේබාන්වරුන්ට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්න මතු කරනු ලබයි..”

තලේබාන්වරුන් බලයට පැමිණි පසු අයිඑස්අයිඑස් කේ සංවිධානයට එරෙහිව මර්දනයක් ආරම්භ කර ඇතත් අයිඑස්අයිඑස් කේ සංවිධානයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා උතුරේ සිට කාබුල් දක්වාත් නැගෙනහිර මායිම් දක්වාත් පැතිරී ඇති බව මිර් පෙන්වා දෙයි.

මසක කාලයක් පුරා සිදුවෙන මෙම මර්දනයේදී අයිඑස්අයිඑස් කේ සංවිධානයේ සාමාජිකයින් ලෙස හුවා දක්වමින් අහිංසක පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිඑස්අයිඑස් කේ සංවිධානය හා වැඩිවශයෙන් එකතු වී සිටින සලාෆි ජනයා බොහෝ විට ඉලක්ක කර තිබේ. මෙම ක්‍රියාවලිය ඔවුන්ට අයිඑස්අයිඑස් කේ සංවිධානය හා එකතුවීමට පිටුවහලක් වෙනු ඇතැයි මිර් පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තලේබාන්වරුන්ට සැබෑ දේශපාලන අදහසක් නොමැති පසුබිමක අයිඑස්අයිඑස් කේ සංවිධානය බොහෝ ඇෆ්ගන් ජාතිකයින්ට බලය පිළිබඳ හැඟීමක් ලබා දෙන එකම විකල්පය විය හැකි බවයි.

“වසන්තය සාම්ප්‍රදායික සටන් සමයයි..” මිර් පවසයි. ඔවුන් පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාර මඟින් තලේබාන්වරුන්ගේ ආරක්ෂාවේ දුර්වලතාවයන් පෙන් දෙමින් ශීත කාලයේදී එල්ල විය හැකි ප්‍රහාරයන් සම්බන්ධයෙන් අනතුරු අඟවන බව ඔහුගේ අදහසයි. “ඉදිරිය තවත් ප්‍රචණ්ඩකාරී විය හැකියි. අයිඑස්අයිඑස් කේ සංවිධානය ඉලක්කයන් දෙකක් පසුපස ගමන් කරනවා. එක් කණ්ඩායමක් ෂියා, හසාරා ෂියා ඇතුළත් සුළු ජාතින්. අනෙක් කණ්ඩායම ‘වැරදි’ සුන්නි කණ්ඩායම්..”

මෙහිදී වැරදි සුන්නි කණ්ඩායම් ලෙසින් හඳුන්වන්නේ මැඩ්‍රාස් හා කුන්දුස් හි පිහිටි ‘කන්කො ඊ මලාවි සෙකන්දර් සුෆි පල්ලිවල වන්දනාකරන්නන්ය.

“මට දැනෙන විදියට අයිඑස්අයිඑස් කේ සංවිධානය තලේබාන්වරුන්ගේ ඉහළ නිලයක් දරන කෙනෙක් ඉලක්ක කරනවා..” මිර් පවසයි. තලේබාන්වරුන්ගේ දුර්වල නායකත්වය හා ඔවුන්ගේ නිලධාරීන් රැක ගැනීමට ඇති අසමත් බව මෙමඟින් පෙන්වීමට ඔවුන් උත්සාහ දරයි.

එම ප්‍රහාරයන් ඇත්ත වශයෙන්ම සිදු වුවහොත් ඇෆ්ගනිස්ථානය තුළ අයිඑස්අයිඑස් කේ ශාඛාවක් පිහිටුවීම ඔවුන්ගේ අරමුණ විය හැකි නමුත් ඇමරිකානු හමුදා ඉවත්වීමෙන් පසුව ඔවුන් කිසිදු ප්‍රදේශයක් පාලනය නොකළ බැවින් එය වටහා ගැනීම දුෂ්කර ය.

කෙසේ වෙතත් ඔවුන් තලේබාන් සංවිධානය සමඟ මතවාදී සටනක යෙදෙන බව සත්‍යයක් නම් ත්‍රස්තවාදය හරහා රජය අස්ථාවර කිරීම, සැකය, අවුල් සහගත තත්ත්වයන් හා ප්‍රචණ්ඩත්වය ඔස්සේ තලේබාන් රජය නිතිවීරෝධි කළ හැකිය. ඒ අනුව පසුගිය සතියේදී සිවිල් වැසියන්ට එල්ල වූ සියලු ප්‍රහාරයන් අයිඑස්අයිඑස් කේ සංවිධානය විසින් එල්ල කරන ලද්දේ නම් ඊට හේතුව මෙයයි.

Share69Tweet43
Previous Post

මහ බැංකුව විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලයි!…

Next Post

කොළඹට ආවේ කොච්චි දෙකයි… හවස ධාවන වෙනව ද සැකයි… දුම්රිය දෙපාර්තමේන්තුව කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.