සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ නිවසක අයිස්වලට සමාන අලුත් මත්ද්‍රව්‍යයක් හදන රහස් රසායනාගාරයක්… මේ මොනවාදැයි බලන්න කොළඹින් රසායන විද්‍යා විශේෂඥවරු යති…

by editor
මැයි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ නිවසකින් හමු වූ අයිස් මත්ද්‍රව්‍ය වලට සමාන රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එළඹීමට නොහැකි නිසා කොළඹින් රසායන විශේෂඥයෙකු යාපනයට කැදවීමට ආරක්ෂක අංශ    තීරණය කොට තිබේ.

‘’යුක්තිය ‘’ මෙහෙයුමේ නිරත පොලිස් කණ්ඩායමකට යාපනයේ ඉනුවිල් ප්‍රදේශයේ නිවසක කාමරයක පවත්වා ගෙන ගිය කුඩා රසායනාගාරයක් හමු වී අති අතර එම ස්ථානයේ අයිස් මත්ද්‍රව්‍ය    නිෂ්පාදනය කොට ඇති බවට සාධක හමු වී තිබුණි.

මෙම නිවසේ පවත්වා ගෙන ගිය අයිස් මත්ද්‍රව්‍ය වලට සමාන රසායන ද්‍රව්‍ය විශේෂය මේ පුද්ගලයා විසින් අයිස් මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වා  බොහෝ ප්‍රදේශවල ගැණුම්කරුවන්ට අලෙවි කරන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.

මෙම රසායනාගාරය පවත්වා ගෙන ගිය මහ මොළකරු හා ඔහුගේ  බිරිය පලා ගොස් සිටි අතර එහි සේවය කළ සේවකයින් දෙදෙනෙකු හා රසායනාගාර උපකරණ රැසක් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම රසායනාගාරය පවත්වා ගෙන ගිය පුද්ගලයාගේ බිරිය යාපනයේ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක හෙදියක් වශයෙන් සේවය කොට ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට අවශ්‍ය රසායන ද්‍රව්‍ය ඇය විසින්  සිය ස්වාමියාට සපයා දෙන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

රසායනාගාරය පවත්වා ගෙන ගිය නිවස කුලී පදනමකට එම යුවල විසින් ලබා ගෙන තිබූ අතර එහි කම්කරුවන් දෙදෙනෙකු සේවය කොට තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ප්‍රධාන මොළකරු කාලයක් තිස්සේ යාපනයේ  ක්‍රියාත්මක වූ  ” ආවා කල්ලියේ” ප්‍රබලයෙකු වන අතර ඔහුට එරෙහිව යාපනය අධිකරණයෙ විභාග වූ නඩු හතරෙන් තුනකින් ඔහු නිදහස් වී තිබේ.

පසුව ඔහු සියලු දාමරිකකම් අතහැර මෙම නිවස කුලියට ගෙන ජීවත් වී ඇති අතර   එම නිවසේ සකසන ලද කුඩා රසායනාගාරයකදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම කාලයක් තිස්සේම කරගෙන ගොස්  ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන පොලීසිය නිවසේ අයිතිකරුවද අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොලීසියට පවසා ඇත්තේ තමන් එම නිවස කුලියට ලබා දී වසරකට වඩා වැඩි කලයක් ගතවන අතර එම නිවස තුළ සිදු වූයේ කුමක්ද යන්න තමන් නොදන්නා බවය.

දැනට පලා ගොස් සිටින මහ මොලකරු හා ඔහුගේ බිරිද අත් අඩංගුවට ගැනීමට ඉනුවිල් පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කොට තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙවර සාමාන්‍ය පෙළ විභාගය පෙනී සිටි සිසුන්ට උසස් පෙළ පන්ති ජූනි 04 දා ඇරඹෙයි…

Next Post

මිනුවන්ගොඩ එකම දෙමළ මාධ්‍ය විදුහලේ සිසුන් ට භූගෝල විද්‍යාව 1 වැනි ප්‍රශ්න පත්‍රය ලබා දී නෑ… විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.