ශ්‍රියානි විජේසිංහ –
මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භය ජුනි 4 වනදා සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙන බවත් එම චක්‍රලේඛය සියලුම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාල පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකි බවද පැවසේ.







