අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවරඑළිය – නාවලපිටිය ලංගම බස් රථයක රියදුරු අසුන මතම මිය ගිහින්… බස් රථය අනතුරට පත් වෙයි!

by editor
මැයි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත ජිවිතක්ෂයට පත් විම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ලිඳුල පොලිසිය පැවසීය.

මෙසේ ධාවනය වෙමින් තිබු බස් රථය තුළදීම  ජිවිතක්ෂයට පත් වී  ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි සුරංග අරුණසිරි අත්තනායක නැමති (39) හැවිරිදි රියදුරෙකි.

නුවරඑලිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා   ඊයේ (15) දින පස්වරුවේ ධාවනය වු බස් රථය හදිසියේ කාර්මික දෝෂයකට ලක්විම නිසා එම බස් රථයේ ගමන් ගත් මගින්ව වෙනත් බස් රථයකට මාරු කර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර එක්ව බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර ඇත.

පසුව බස් රථය නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්තාවේ බස් රථයේ රියදුරුට ඇති වු  හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ෆාමස්ටන් ප්‍රදේශයේදිය.

බස් රථය අනතුරට පත්වීමත් සමග බස් රථයේ කොන්දොස්තරවරයා රියදුරු අසුනේ වැතිරි සිටි රියදුරුට කතා කර ඇති බවත්, එහිදි රියදුරු අසුන මතදිම සිහිසුන් වි වැතිරි සිටි නිසා කොන්දොස්තරවරයා විසින් ඒ පිලිබදව ලිදුල පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු පොලිසියේ නිලධාරින් විසින් රියදුරු අසුනෙන් ඉවත් කර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් භාරදෙන අවස්තාවේදිත් රියදුරු මියගොස් ඇති බවත් ලිදුල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.

බස් රථය අනතුරට පත් වු ස්ථානය අධික බැවුමක් සහිත ස්ථානයක් බවත්, බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් ගමන් කර ඇති බවත්, පසුව ලිදුල පොලිසියේ නිලධාරින් එක්ව බස් රථයේ රියදුරාගේ සිරුර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දි සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.

අනතුරෙන් බස් රථයට සහ මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදු වි තිබේ., මරණය සහ අනතුර සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමාන්‍ය පෙළ විභාගය අතර අතුරුදහන් වූ සිසුවියන් දෙදෙනා කඩුවෙළ ඥාති නිවසකින් හමුවෙයි!

Next Post

විජේදාසට එරෙහිව දුමින්ද ඉල්ලූ වාරණ නියෝගය විසිවුනේ ඇයි?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.