විදෙස් සංචිත බිඳ වැටී රට බිහිසුණු අර්බුදයකට ලක් වී ඇති මොහොතේ විදෙස්ගත සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් සහ පරිත්‍යාගශීලින්ගෙන් සහාය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එලෙස ලැබෙන විදේශ විනිමය පරිත්‍යාග ඖෂධ, ඉන්ධන, ආහාර වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පමණක් භාවිත කරන බවට සහතික වන බව ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කරමින් බැංකුව කියා සිටියි.
මෙම විදේශ විනිමය ලැබීම් සහ ඒවායේ භාවිතය, විනිවිදභාවයෙන් පවත්වාගෙන යෑම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 03 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇත.
එමෙන්ම මේ පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීම සඳහා වන ක්‍රම කිහිපයක්ද මහ බැංකුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.
කෙසේ වෙතත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්රමුඛ විරෝධතා පාඨයක්ව තිබුණේ විදේශ විනියම එවීමට අවශ්‍ය නම් රාජපක්ෂ ආණ්ඩුව ඉවත් විය යුතු බවය.
මෙම ඉල්ලීම සම්බන්ධව මෙවැනි ප්‍රතිචාර රාශියක් ලැබී තිබිණි.
“අපි හාවො නෙවෙයි. මැරිලා හම්බ කරන ඒවා හොරු රැළකට කන්න දාන්න. උන් ගෙදර ගියාට පස්සෙ කතා කරමු මේ ගැන“
“කඳුලු ගෑස් ගේන්නෙම නෑ කියල සහතික වෙනවද???“
“ රාජපක්ෂ පවුල ගියදාක කියන්න… හම්බ කරන හැම ඩොලර් එකම දාන්නම්…“