ශ්‍රියානි විජේසිංහ –
ව්‍යාජ වෛද්‍යවරුන් පිලිබඳව පැමිණිලි කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය 1907 නැමැති දුරකථන අංකයක් හඳුන්වා දීමට කටයුතු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසා සිටියි.
වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට දිගින් දිගටම කළ යෝජනාවකට අනුව මෙසේ නව දුරකථන අංකයක් හඳුන්වා දුන් බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.
වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් නීති විරෝධි ලෙස ප්‍රතිකාර සපයන පුද්ගලයින් 40000ට අධික පිරිසක් රටපුරා සිටින බැවින් ඔවුන්ව වහාම නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරන බවද ලේකම්වරයා පැවසුවේය.
ඒ අනුව සැක කටයුතු ලෙස වෛද්‍ය කර්මයේ යෙදෙන පුද්ගලයින්, නීතිවිරෝධී ප්‍රතිකාර මධ්‍යස්ථාන, සහ ඊට අනුබල දෙන පුද්ගලයින්ව මැටලීමට මහජන සහය අනිවාර්යෙන්ම ලබා දීම සඳහා ඉහත සඳහන් දුරකථන අංකයට දැනුම් දී මෙම ජාතික මෙහෙවරට දායක වන ලෙස සංගමය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මේ වන විට ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීම සඳහා සම්බන්ධීකරණය කිරිම හා සැලසුම් කිරීම, පවතින නීති පද්ධතිය සංශෝධනය කර වඩාත් ශක්තිමත් කිරිම, වැලීම් කණ්ඩායම් බලාත්මක කිරිම, වැටලීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලබා ගැනීම වැනි කරුණු කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශය පූර්ණව මැදිහත් වී ඇතැයිද වෛද්‍ය අලුත්ගේ පෙන්වාදේ.









